ගොසිප් පුවත්
මන්ත්රීවරුන්ගේ ප්රශ්න පනහකට හෙට පිළිතුරු

කාලයක් තිස්සේ ඇසීමට නොහැකිව ප්රමාද වූ ප්රශ්න 50 කට පිළිතුරු ලබා ගැනීමට හෙට (04) දිනයේදී මන්ත්රීවරුන්ට අවස්ථාව ලබාදීමට නියමිතයි.
බොහෝ දෙනකුගේ ඉල්ලීම් සැලකිල්ලට ගෙන මන්ත්රීවරුන්ගේ ප්රශ්න සඳහා වෙනම දිනයක් මෙලෙස වෙන් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව පසුගියදා තීරණය කර තිබෙනවා.
මේ අනුව මන්ත්රීවරුන්ගේ ප්රශ්න සඳහා හෙට දින පෙරවරු 10.00 සිට පස්වරු 03:30 දක්වා සම්පූර්ණ කාලය වෙන් කෙරෙනු ඇති. (colombotimes.lk)


The post මන්ත්රීවරුන්ගේ ප්රශ්න පනහකට හෙට පිළිතුරු appeared first on Colombo Times.