දේශීය පුවත්

මුල්ලේරියාව රෝහලට තවත් සෞඛ්‍ය උපකරණ කට්ටලයක්

කොවිඩ් 19 වසංගතය හමුවේ පීඩාවිදින අපරටේ ජනතාවට සහන සලසන පොදුජන ඉංජිනේරු පෙරමුණ විසින් තවත් සමාජ සත්කාරයක් කර තිබෙනවා.

ඒ අනුව අධිසත්කාර ඇදන් 1,000 ව්‍යාපෘතියට සමගාමිව මුල්ලේරියාව රෝහල වෙත අධිසත්කාර ඇදන් 08ක්, මෙට්ට 08ක්, කොට්ට 08ක්, ඇද ඇතිරිලි සහ භාවිතයෙන් ඉවත්කර තිබූ ඔක්සිජන් රෙගියුලේටර 33ක් සාදා නැවත භාවිතය සදහා රෝහල වෙත භාර දුන්නා.

එම රෙගියුලේටරයක වර්තමාන වටිනාකම රු. 48,000 ක් පමණ වන අතර එමගින් විශාල මුදල් ප්‍රමාණයක් රටට ඉතිරිකර ගත හැකියි.

මෙම අවස්ථාවට මුල්ලේරියාව රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂතුමා ඇතුළු කාර්ය මණ්ඩලයද, පොදුජන ඉන්ජිනේරු පෙරමුනේ කොළඹ උතුර සංවිධානයේ සභාපති ජගත් පරාක්‍රම ඇතුළු බොහෝ පිරිසක් සහභාගී වුණා.

Back to top button