දේශීය පුවත්

කොරියානු භාෂා විභාගයට මුහුණදුන් පිරිසට නිවේදනයක්

කොරියානු භාෂා විශේෂ පරීක්ෂණයෙන් 2019ට වඩා 2020 වර්ෂයේදී සියයට 20 ක පිරිසක් සමත්ව ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කරයි.

කොරියාවේ රැකියා සඳහා භාෂා විශේෂ පරීක්ෂණයෙන් සමත්විම අනිවාර්ය වන අතර 2019 දී පවත්වනු ලැබු පරීක්ෂණයෙන් රැකියා අපේක්ෂකයන් 464 දෙනෙකු සමත් වී තිබුණි.

AV Rase

මේ වර්ෂයේදී සමත් සංඛ්‍යාව 561කි. විභාගයට පෙනීසිටි අපේක්ෂකයන් සංඛ්‍යාව 1,338කි.

මෙම විශේෂ විභාගය පවත්වනු ලබන්නේ දකුණු කොරියාවේ සේවා ස්ථානයන්හී වසර 04ක් සහ මාස 10ක් දක්ෂ හා කාර්යක්ෂමව කටයුතු කළ හා නීති විරෝධි කටයුතුවල නොයෙදුණු තරුණයින් සඳහා නැවත රැකියා ලබාදීමේ එකඟතාවය යටතේ ලැබු අවස්ථාවක් අනුව ය.

2020 වර්ෂයට අදාළව පවත්වනු ලැබූ කොරියානු භාෂා විශේෂ පරීක්ෂණයෙන් සමත්වූවන්ගේ ප්‍රතිඵල www.slbfe.lk කාර්යාංශ වෙබ් අඩවියේ පළකර තිබේ.

සමත්වුවන් සඳහා සම්මුඛ පරික්ෂණ 2020.12.14 සිට 18 දක්වා පැවැත්වේ.

ශ්‍රී ලාංකිකයන් 25,000ක් පමණ කොරියාවේ රැකියාවල නිරතව සිටින අතර කොරෝනා වසංගතය පැතිරීමත් සමග ගුවන් ගමන් අත්හිටුවීම හේතුවෙන් නව රැකියා සඳහා පිටත්වීම අඩුවුවද, නිවාඩුවට පැමිණ නැවත රැකියා සඳහා 300කට අධික පිරිසක් අවස්ථා කිහිපයකදී මත්තල ගුවන් තොටුපල මගින් මේ වනවිට පිටත්කර යවා ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button