ගොසිප් පුවත්

අපේ අම්මා කියන්නේ බදින්නත් එපා දරුවො හදන්නත් එපා කියලා – කේ.සුජීවගේ දුව අංජලී

ප්‍රසංග වේදිකාව තුළ රසිකයන් ඉල්ලන ප්‍රාසාංගිකත්වය උපරිමයෙන්ම හෙබි ගායිකාවක් තමයි කේ.සුජීවා කියන්නේ. ඉතින් ‘ඉගි මරන තරු රෑන’ ගීතය තුලින් රසික ආදරය දිනා ගත්ත ඒ ජනප්‍රිය ගායිකාවට එදා ලැබුණු ප්‍රතිචාරය අදටත් ඒ විදියටම නොඅඩුව ලැබෙනවා. ඉතින් ඇය මේ වනවිට දියණියන් දෙදෙනා සමගින් සතුටින් තමයි කාලය ගත කරන්නේ. කේ.සුජීවාගේ ලොකු දුව අංජලී රාජ්කුමාර් සහ පොඩි දුව රෝස් කියන්නෙත් සමාජ මාධ්‍ය තුළ බෙහෙවින්ම ජනප්‍රිය දෙදෙනෙක්.

ඉතින් අම්මගේ හැකියාව ඒ විදියටම ලැබිලා තියෙන අංජලී සහ රෝස් කියන්නේත් දක්ෂ ගායිකාවන්. ඒ බව අපි සමාජ මාධ්‍ය තුළ නිතරම දකිනවා. ඉතින් අංජලී කියන්නේ හරිම නිරහංකාර චරිතයක් වගේම ඇය විලාසිතා කරන කෙනෙක්. ඉතින් ඇය මේවන විට ටැටූ පහක් ගහලා තියෙනවා. ගොඩක් ප්‍රේක්ෂකයන් දන්නේ ඇයව කේ.සුජීවගේ දුව කියලයි. ඉතින් අම්මා කේ.සුජීවා කියලා අංජලී පාසල් යන කාලේ යාලුවන්ගෙන් ඇයට ලැබුණු අත්දැකීම් ගැන ඇය යූ ටියුබ් මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.

” අපේ අම්මා කේ.සුජීවා කියලා යාලුවො දැන ගත්තම මට යාලුවෝ ශීට් එක දෙනවා. අපේ අම්ම ඉස්සර ඉස්කෝලෙට එනකොට ඉස්කෝලේ ළමයි හරි සතුටින් චියර් එක දෙනවා. දැනටත් මම කා එක්කවත් මගේ අම්මා කේ.සුජීවා කියලා.

අපේ අම්මා මට බදින්න කියන්නෙ නෑ. අම්මා කියන්නේ බදින්න එපා ළමයි හදන්නත් එපා කියලා. ඉතින් අම්මා දැක්කම මටත් හිතෙනවා පාඩුවේ ඉන්න ඕන කියලයි. ගොඩක් ගෑණු ළමයින්ට හීනයක් තියෙනවනේ. ඒත් මට පොඩි කාලේ ඉදලා තව වෙනකම් කිසිම හීනයක් තියා පොඩ්ඩක්වත් හිතිලා නෑ. මට බදින්න ආසාවක් නෑ. මොකද බදින කෙනා හරිම කෙනා කියලා දැන ගන්න බෑනේ. බැදලා ඉවර වෙලා හරි ජෙනා නෙමෙයි කියලා දැනුනොත් මම මොකද කරන්නේ. ඊට වඩා හොදයි කියලා හිතෙනවා බදින්නැතුව ඉන්න කියලා. ‘’

ගොඩක් සමාජ මාධ්‍ය තුල දැඩි කතා බහට ලක් වෙන පවුලක් තමයි කේ.සුජීවා කියන්නේ. ‘සිංගල් දරුවො’ කියලා අලුත් ගීතයක් අංජලී ප්‍රේක්ෂකයන්ට රස විදින්න ලබා දීලා තියෙනවා. ඉතින් මේ විදියට තමයි කේ.සුජීවගේ ලොකු දුව අංජලී අදහස් දක්වලා තිබුණේ. ඉතින් ඇගේ ඉදිරි වැඩ කටයුතු සියල්ල ඇය සිතන ආකාරයෙන් ම ඉටු වෙන්න කියලා අපි සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

The post අපේ අම්මා කියන්නේ බදින්නත් එපා දරුවො හදන්නත් එපා කියලා – කේ.සුජීවගේ දුව අංජලී appeared first on FoxMedia.

Back to top button