LPL පුවත්

ඇන්ජලෝ සහ දසුන් එක්ව දඹුල්ලට ජය ගෙනෙයි

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් (LPL) තරගාවලියේ ඊයේ (03) පැවති තවත් තරගයකින් කඩුලු 5ක ජයක් හිමිකර ගැනීමට දඹුල්ල වයිකින්ග්ස් කණ්ඩායම සමත් විය.

ඒ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම පරාජයට පත්කරමිනි.

AV Rase

තරගාවලියේ 10වන තරගය වූ මෙම තරගයේ කාසිය වාසිය දිනු කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබුණි.

ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් බිඳ වැටී ලබාගත් ලකුණු සංඛ්‍යාව 156කි.

එම ඉනිම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 55 ක් සහ කුසල් ජනිත් පෙරේරා ලකුණු 46 ක් ලබා ගත්තේය.

ජයග්‍රාහි ඉලක්කය හඹාගිය දඹුල්ල වයිකින්ස් කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 2ක් අවසානයේ කඩුළු 5 ක් පමණක් බිඳවැටී ලකුණු 157 ක් ලබාගනිමින් ජය ලැබීය.

එහිදී ඇන්ජලෝ පෙරේරා ලකුණු 67ක් සහ නායක දසුන් ශානක ලකුණු 33ක් ලබාගත්තේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button