අපිට කාලයක් දරුවො නැතුව දෙවියන්ට බාර වුනා, පිනට පහල වුනු දරුවෙක් තමයි අපේ දුව – ආනන්ද අතුකෝරල

ජනප්‍රිය වගේම ජ්‍යේෂ්ඨ රංගන ශිල්පියෙක් වන ආනන්ද අතුකෝරලයන් සම්මානනීය නිහතමානී කලාකරුවෙක්. ඉතින් මේ දිනවල පුංචි තිරය ඔස්සේ නිතරම පාහේ දකින්න ලැබෙන්න ඔහු ජනප්‍රිය ටෙලිනාට්‍ය ගණනාවක රංගනය කරනවා. ‘පාර දිගේ’ කියන ජනප්‍රිය ටෙලිනාට්‍යයේ බන්ටිගේ පියා විදියට තමයි ඔහුව අපිට දැකගන්න ලැබෙන්නේ.
ඉතින් දක්ෂ කලාකරුවෙක් වන ආනන්ද අතුකෝරලගේ ආදරණීය දියණිය අපි කවුරුත් දන්න දක්ෂ නිවේදිකාවක්. ඉතින් ඇය තමයි ජනප්‍රිය නිවේදිකා ඉෂාරා අතුකෝරල. පුංචි තිරයේ කොෆි ස්ටූඩියෝ එක නිවේදනය කරන ඉෂාරා අතුකෝරල අම්මයි තාත්තයි එක්ක හරි සතුටින් කාලය ගත කරනවා. ඉතින් ආනන්ද අතුකෝරලයන්ගේ බිරිද නෙල්කා මහත්මිය සමගින් ඇය ආදර සම්බන්දය පටන් ගත් විදිය ගැන රූපවාහිනි නාලිකාවක වැඩසටහනකදී මේ විදියට අදහස් දක්වලා තිබුණා.
” මම ඉස්කෝලේ යනකාලේ තමයි නෙල්කා පස්සෙන් යාලුවෙන්න ගියේ. මම එහෙම කරදර කර කර පස්සෙන් ගිහින් කොහොමහරි ආදරය පටන් ගන්න හදන දවසක මම නෙල්කා ඉස්කෝලේ ඇරිලා එනකම් පාරට වෙලා හිටියා. ඊට පස්සෙ මම කිව්වා මට ඔයාව හම්බවෙන්න ඕන කියලා. ඊට පස්සෙ නෙල්කා කිව්වා අටට කියලා. ඉතින් මම හොදට ඇදගෙන මෙයාලගේ ගෙට්ටුව කග පදුරකට මුවාවෙලා හිටියා.
බලනවා බලනවා නෙල්කා නෑ. මම රෑ එකොළහ වෙනකම් වගේ ඉදලා ගෙදර ගියා. ගිහින් හිතේ තිබුණු තරගට ලියුමක් ලිව්වා. ඊට පස්සෙ පහුවදා නෙල්කා උදේ අට වෙනකොට නාල කරලා හොදට ඇදගෙන ගේට්ටුව ළග ඉදලා මම එනකම්. ඔහොමම ඉදලා දවල් 12 වෙනකම් වගේ. ඊට පස්සේ එයත් මට ලියුමක් ලියලා එවලා. පස්සෙ තමයි දෙන්නම දැනගත්තේ වෙලා තියෙන දේ.
අපේ දුව හරිම හොද දරුවෙක්. අපිට කාලයක් දරුවො නැතුව හිටියා. ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දුන්නා. ඉතින් අපි දෙවියන්ට බාර හාරත් වුනා. ඉෂාරා හරිම හොද දරුවෙක් අපේ පිනට පහල වුනු. මෙයා හරිම අහිංසක දරුවෙක්. ‘’
ඉතින් මේ විදියට තමයි ආනන්ද අතුකෝරල සම්මානනීය රංගන ශිල්පී අදහස් දක්වලා තිබුණේ. ඉතින් දක්ෂ කලා කරුවෙක් වන ඔහුගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න වගේම ආදරණීය පවුලටත් සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

The post අපිට කාලයක් දරුවො නැතුව දෙවියන්ට බාර වුනා, පිනට පහල වුනු දරුවෙක් තමයි අපේ දුව – ආනන්ද අතුකෝරල appeared first on FoxMedia.