දෙවෙනි ඉනිම දැන් අවුරුදු 5ක් තිස්සේ විකාශනය වෙනවා, ඉදිරියේදී හරි අපේ රටට හොඳක් වෙයි-අංජලී ලියනගේ

මේ දිනවල විකාශය වන හිත ළඟ හිනැහුණා ටෙලි නාට්‍යයේ ලලනි නොහොත් ලලාගේ චරිතය අපේ රටේ බොහෝ ප්‍රේක්ෂක ආකර්ශනයක් වගේම ආදරයක් දිනාගෙන ඉන්න දක්ෂ ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ රංගන ශිල්පිනියක් තමයි අංජලී ලියනගේ කියලා කියන්නේ. ඉතින් ඒ වගේම දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය අනුෂාගේ චරිතය හරහාත් ප්‍රේක්ෂකයින් හමුවට එන ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියනවා අපට දැකගන්න ලැබුණා.
ඉතින් හිත ළඟ හිනැහුණා ටෙලිනාට්‍යයේ ලලා කියන්නේ ඇය හරිම කැමති චරිතයක්ලු. ඒ වගේම ලලා ගෙදර සෑම බරක්ම තම හිස මත තබාගෙන, තනියම දුවත් හදාගෙන, ජීවිතයට මුහුණ දෙන ධෛර්යසම්පන්න සාමාන්‍ය මධ්‍යම පන්තියේ කාන්තාවක් කියලයි ඇය කියන්නේ. ඉතින් ඒ වගේම හිත ළඟ හිනැහුණා කියන්නේ ඇයත්, දුවත් තවත් චරිත කිහිපයකුත් වටා ගෙතුණු ලස්සන කතාවක් කියලත් ඇය කියනවා. ඉතින් ඒ වගේම අවුරුදු 05කට පමණ කලින් ආරම්භ වූ දෙවැනි ඉනිම ටෙලි නාට්‍යයේ සුපුරුදු පරිදි රූගත කිරීම් තවමත් කෙරෙනවාලු. ඒ වගේම ඇයව බොහෝ දුරට ප්‍රේක්ෂකයන් අතරට ගියේ දෙවැනි ඉනිමේ අනූෂාගේ චරිතය හරහා කියලත් ඇය කියනවා. ඒ වගේම අනූෂාගේ චරිතයට මිනිසුන්ගෙන් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා කියලයි ඇය කියන්නේ.

ඉතින් ඒ වගේම 1999දී ඇය සාමාන්‍ය පෙළ අවසන් කොට නිවෙසේ ඉන්න කොට සුජීව ප්‍රසන්නආරච්චි මහතාගේ බොඳ මීදුම් සහ සකූ කියන නවකතාවල පොත් කවරය සඳහා ඇය පෙනී හිටියාලු. ඉතින් නවකතාවේ ප්‍රධාන චරිතය වන සංසලාගේ චරිතයට ඇයගේ රුව තමයිලු යොදා ගත්තේ. ඉතින් ඒ නවකතාවේ මුල් පිටුවට මිනිසුන් පුදුම විධියට ආදරය කළා කියලත් ඇය කියනවා. ඉතින් දැන් ඇයට ඒ ගැන නිහතමානී සතුටක් තියෙනවාලු පොත් කවරයකින් එතරම්ම රසිකයන් අතරට යන්න ලැබීම ඇයගේ වාසනාවක් කියලා. ඉතින් ඒ වගේම සැබෑ ජීවිතයේදීත් ඇය පොඩි දුවකගේ මවක්ලු. ඉතින් තිරය තුළදිත් බොහෝ විට ඇයට ලැබෙන්නේ ලොකු දුවලාගේ මවගේ චරිතලු. ඒ වගේම වෘත්තීමය රංගන ශිල්පිනියක් විධියට ඇයට වැඩිපුරම ලැබෙන්නේ මවගේ නම් ඇතැම් විට මට ඒ චරිත භාර ගන්නට සිදුවනවා කියලයි ඇය කියන්නේ. නමුත් එයින් මිදී වෙනස් චරිත භාර ගන්නත් ඇය කැමැතියිලු.
ඉතින් ඒ වගේම ලංකාවේ දැන් මේ තිබෙන තත්ත්වයත් එක්ක රංගනය කියන දේ වෘත්තියක් විධියට තමයිලු කරන්න සිදු වෙලා තිබෙන්නේ. ඒ වගේම ඊට අමතරව ඇයට වෙනත් අමතර ආදායම් මාර්ගයක් තිබෙනවා කියලත් අය කියනවා. ඇය ඇයගේම ව්‍යාපාරයක් කරගෙන යනවාලු. ඉතින් ඒ දේවල්වලට අමතරව රංගනය තමයිලු ඇයගේ වෘත්තිය. කොහොම නමුත් දැන් තිබෙන වතාවරණයත් සමඟ රංගනය තුළින් පමණක් ජීවත් වෙන්න බැහැ කියලත් ඇය කියනවා. ඒ වගේම මේක ලංකාවේ අපි හැමෝම මුහුණ පාලා තියන ජීවිත අරගලයක් කියලයි ඇය කියන්නේ. ඉතින් කලාකාරිනියක විධියට රට වෙනුවෙන් සහ හැමෝගෙම අනාගතය වෙනුවෙන් ඇයත් අරගලයට සහාය දැක්වූවාලු. ඉතින් ඉදිරියේදී හෝ ඇය අපේ රටට යහපත් දෙයක් වෙයි කියා විශ්වාසය තබාගෙන ඉන්නවාලු.
ඉතින් ඒ වගේම ඇයගේ දුව කුඩා කාලයේදි කලා කටයුතුවලට සම්බන්ධ වුණාලු. ඉතින් ඇය ඉදිරියේදී හොඳින් ඉගෙනගෙන වෙනත් වෘත්තියක් තෝරා ගනිවී කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඇය රංගනය වෘත්තියක් විධියට තෝරා ගනීවි කියලා නම් ඇය කොහෙත්ම සිතන්නේ නැහැලු. ඉතින් අනාගත වෘත්තීය තෝරා ගැනීමට ඇයට නිදහස දීලා තිබෙනවාලු. එනිසා අවුරුදු 20න් පමණ ජීවිතය පිළිබඳව දැනුම් තේරුම් ඇති වයසේදි දුව නිවැරදි තීරණයක් ගනීවි කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.
The post දෙවෙනි ඉනිම දැන් අවුරුදු 5ක් තිස්සේ විකාශනය වෙනවා, ඉදිරියේදී හරි අපේ රටට හොඳක් වෙයි-අංජලී ලියනගේ appeared first on FoxMedia.