දේශීය පුවත්
නිවසේ සිටින කොවිඩ් රෝගීන් වෙනුවෙන් හදිසි දුරකතන අංකයක්

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පසු රෝහල් වෙත හෝ අතරමැදි ප්‍රතිකාර ස්ථාන වෙත ලබා ගෙන යන තෙක් නිවෙස් වල සිටින පුද්ගලයින් වෙනුවෙන් හදිසි දුරකතන අංකයක් ස්ථාපිත කර තිබෙනවා.
1390 ලෙස මෙම දුරකථන අංකය ස්ථාපිත කර ඇති අතර එසේ නිවසේ සිටින කොරෝනා ආසාදිතයින් ගේ තොරතුරු දැන ගැනීම වෙනුවෙන් මෙය නිර්මාණය කළ බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.