LPL පුවත්

කලම්බු කින්ග්ස් කණ්ඩායමට පහසු ජයක්

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය යටතේ පැවති තවත් තරඟයකින් කලම්බු කින්ග්ස් කණ්ඩායම, කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම පරදවා කඩුළු 07ක පහසු ජයක් ලැබීය.

එම තරඟයේදී කැන්ඩි කණ්ඩායමේ සියලුදෙනා දැවී ලබාගත්තේ ලකුණු 105ක් පමණය.

රහමනුල්ලා ගුරුබාස් ලකුණු 34කි.

පිළිතුරු වශයෙන් කලම්බු කින්ග්ස් කණ්ඩායම කඩුළු තුනක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය.

එහිදී දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 35ක් ලබා ගත්තේය.

ඊයේ පැවති තවත් තරගයකින් ගොල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පරදවා දඹුල්ල වයිකින් කණ්ඩායම ලකුණු 09ක තියුණු ජයක් ලැබීය.

Back to top button