දේශීය පුවත්

දෙහිවල සතුන්ගේ කොරෝනා සත්‍ය තත්වය වසන් කිරීමේ වෑයමක්

දෙහිවල සත්වෝද්‍යානයේ ඇති සත්‍ය තත්ත්වය මාධ්‍යයට අනාවරණය වේ යැයි බියෙන්, සතුන්ට කෝවිඩ් ආසාදිතයැයි තහවුරු කර ගැනීමට අදාළ නියැදි, පේරාදෙණිය පශු වෛද්‍යාපීඨයට ඉදිරිපත් කිරීම නවතා දැමීමට දෙහිවල සත්වෝද්‍යාන පාලනාධිකාරිය කටයුතු කර ඇතැයි රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

එහි ලේකම් වෛද්‍ය නුවන් හේවාගමගේ මහතා පෙන්වා දුන්නේ,කෝවිඩ්-19 වෛරසය යම් සතෙකුට ආසාදිතදැයි තහවුරු කර ගැනීමට අදාළ පර්යේෂණාගාරය පේරාදෙණිය පශුවෛද්‍ය පීඨයේ ස්ථාපිතව ඇති බවයි. ඒ අනුව සතුන්ගේ නියැදි එම වෛද්‍ය පීඨයට ඉදිරිපත් නොකිරීට දෙහිවල සන්වේදන පාලනාධිකාරිය කටයුතු කිරීම ඉතා කනගාටුවට කරුණක් බවද හෙතෙම පැවසීය.

පශු වෛද්‍යවරයා පෙන්වා දුන්නේ, සන්වේදන දෙපාර්තමේන්තුවේ සේවය කරන පශු වෛද්‍ය නිලධාරීන් සත්වෝද්‍යානය වෙත සෞඛ්‍ය මාර්ගෝපදේශ ලබාදී ඇති නමුත් ඒවා අනුගමනය නොකර දෙහිවල සන්වේදන පාලනාධිකාරිය විසින් අත්තනෝමතික අන්දමින් කටයුතු කරමින් සිටින බවයි.ඒ අනුව එහි ප්‍රතිඵලයක් ලෙස සිංහයන්ට කෝවිඩ්-19 වෛරසය. ආසාදිතව ඇති බවටද හෙතෙම චෝදනා කර සිටියේය.මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය නුවන් හේවාගමගේ මහතා,

“මෙය ඉතා කනගාටුදායක තත්වයක්.සතුන් කෝවිඩ්ලින් ආරක්ෂා කර ගැනීමේ වගකීම සන්වේදන නිලධාරීන්ට තිබෙනවා. සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සේවය කරන පශු වෛද්‍ය නිලධාරින් විසින් ඔවුන්ට අවශ්‍ය සෞඛ්‍යාමාර්ගෝපදේශ ලබාදී කිසිවක් අනුගමනය නොකර දෙහිවල සන්වේදන පාලනාධිකාරිය විසින් අත්තනෝමතික අන්දමින් කටයුතු කරමින් සිටිනවා. එහි ප්‍රතිඵලයක් ලෙස තමයි සිංහයන්ට කෝවිඩ් ආසාදිතව තිබෙන්නේ.

කෝවිඩ්-19 සතුන්ට ආසාදිතදැයි පරික්ෂා කිරීම සඳහා අදාළ පර්යේෂණාගාර තිබෙන්නේ පේරාදෙණිය පශු වෛද්‍යපීඨයේයි.

නමුත් අදාළ නියැදි සත්වෝද්‍යාන පාලනාධිකාරිය විසින් එම පීඨයට ලබාදීම මේ වනවිට නවතා දමා තිබෙනවා. එමගින් ඔවුන් බලාපොරොත්තු වෙනවා පේප්රාදෙණිය පශු වෛද්‍ය පීඨයට නියැදි ලබාදීම තුළින් මාධ්‍යයට සවෝද්‍යානයේ සැබෑ තත්වය අනාවරණය වීම වැළැක්වී මෙම කරුණු ජනතාව පිළිබඳ දැනුවත් වීම නොවෙයි ගැටලුව වන්නේ. ගැටලුව වී තිබෙන්නේ සතුන් අතර මෙම වෛරසය පැතිර යාමයි” යනුවෙන්ද ප්‍රකාශ කළේය.

(නිදර්ශනී වික්‍රමසිංහ)

Back to top button