දේශීය පුවත්

රට වසා දමන්නේද නැද්ද යන්න ගැන නිවේදනයක්

රට වසා දමන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් කැබිනට් සාකච්ඡාවක් අද පැවැත්වෙන අතර එහිදී යම් යම් තීරණ වලට එළැඹෙනු ඇති බවත් අද (10) සඳුදා සවස මේ ගැන නිල නිවේදනයක් නිකුත් වීමට සූදානම් බවත් රජයේ ආරංචි මාර්ග දන්වා ඇත.

මේ දක්වා රජයේ අභිලාශය ලෙස ප්‍රකට කර ඇත්තේ ආර්ථිකය නොවැටී සෞඛ්‍ය ගැටලුවෙන් ආරක්ෂාවීමය. මේ අරමුණ නිසා කොරෝනා දෙවැනි රැල්ල පැනනැගි අවස්ථාවේ බොහෝ දෙනෙකු රට නැවත වසා දමනු ඇතැයි කල්පණා කළද එසේ නොවූ අතර එම රැල්ල පවතිද්දී රට වෙනදා මෙන් පවත්වායන ලදි. රැල්ල ක්‍රමයෙන් පහව යද්දී රජය ගත් තීරණය ගැටලුකාරී නොවන බවද එයට විරුද්ධවූ ඇතැමුන් පවසා තිබුණි.
නමුත් තෙවෙනි රැල්ල පෙර අවස්ථා දෙකට වෙනස් භයානක රෝග ලක්ෂණ සහිතව ශීඝ්‍රයෙන් පැතිරීමත් යාබද ඉන්දියාව විනාශයකට පමුණුවා තිබීමත් නිසා ජනතාව නැවතත් රටම හුදෙකලා කිරීමක් අපේක්ෂා කර තිබේ.නමුත් රජය එයට තවම උනන්දුවක් දක්වා නැත්තේ මෙයද පෙර එක මෙන් හීන් සීරුවේ පල්ලම් බසිනු ඇතැයි සිතාය.නමුත් විද්‍යාත්මකව තර්ක කරන බොහෝ දෙනා මෙය බැරෑරුම් අවස්ථාවක් ලෙස සලකා තිබේ.පවතින තත්ත්වය මත රට පූර්ණ වශයෙන් වසා දමන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් වන යෝජනාවක් අද පස්වරුවේ පැවැත්වෙන කැබිනට් මණ්ඩලයට සාකච්ඡා කිරීමට නියමිතව ඇතැයි වාර්තාවේ.

පූර්ණ වශයෙන් වසා දමන්නේ ද අර්ධ වශයෙන් වසා දමන්නේ ද යන්න ගැනද යෝජනා ඉදිරිපත්ව ඇති අතර ඉන්දියාවේ සිදු කරන ආකාරයට ඇතැම් ප්‍රාන්ත අර්ධ ලෙස වසා දමා ඇති ආකාරය ගැන අදහස් මතුව තිබේ.

වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා අවශ්‍ය වුවහොත් දිස්ත්‍රික්ක හෝ පළාත් අතර සංචරණ සීමා පැනවීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අද (10) දහවල් පවසා තිබුණි.
“සංචරණ සීමා දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට, පළාතෙන් පළාතට අවශ්‍ය පරිදි පනවා ක්‍රියාත්මක කිරීමට රජය සුදානම්. කිසිම ක්‍රියාමාර්ගයක් සහමුලින් ම අපි ප්‍රතික්ෂේප කරලා නෑ. කොවිඩ් -19 තත්ත්වය දිනෙන් දින වෙනස්වන තත්ත්වයක්. එම නිසා ඒ වසංගතය පාලනය කිරීම සඳහා අවශ්‍ය සියලුම පියවර ගැන සිතා බලා ඒ ක්‍රියාමාර්ගවලට එළඹීමට රජය සුදානම්.’ ඔහු කියා තිබුණි.

රට වසා දැමීමකට සූදානමින් සිටින ලෙස අත්‍යවශ්‍ය සේවා සපයන ආයතන ප‍්‍රධානීන් මේ වන විටත් දැනුවත් කර ඇත.

යම් දිස්ත්‍රික්කයක් හෝ ප්‍රදේශයක් ආවරණය වන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම හෝ හුදෙකලා කිරිමක් සිදුකළ හොත් එම ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය භාණ්ඩ හා සේවා සැපයීම අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා බෙදාහැරීමේ යාන්ත්‍රණයක් සකස් කර තිබීම අත්‍යාවශ්‍ය බව දන්වමින් සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්, දිසාපතිවරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත උපදෙස් ලබා දෙමින් ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරිම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකාය අද (10) දින ලිපියක් මගින් දැනුම් දී ඇත.

ඒ අනුව නිවෙස් සඳහා අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදා හැරීම සඳහා අදාළ ආයතන, බෙදාහැරීම් ජාල සහ ග්‍රාමීයව බෙදාහරින්නන් සමග සාකච්ජා කොට සකස් කරන ලෙස දැනුම්දී ඇත.

එමෙන්ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ ජංගම වෙළඳාම සඳහා ප්‍රාදේශීය ලේකම් විසින් ජංගම වෙළඳ බලපත්‍ර ලබාදිය යුතු බවද දන්වා ඇත.

දිස්ත්‍රික්කය තුළ හෝ දිස්ත්‍රික්කයෙන් පිටත ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමේ කටයුතු සඳහා ප්‍දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් බලපත්‍ර ලබාදිය යුතු බව එම නිවේදනයෙන් දැක්වෙයි.

ජලය, විදුලිය, ගෑස්, ඉන්ධන, පෞද්ගලික සෞඛ්‍ය සේවා, සන්නිවේදන, අපද්‍රව්‍ය කළමනාකරණ සහ හදිසි ආපදා තත්ත්ව කළමනාකරණ සේවා අඛණ්ඩව පවත්වාගෙන යෑමට අවශ්‍ය අවසරය ලබාදීම සිදුකළ යුතුය.
අදාළ ලිපිය පහතින්

An announcement on whether the country will be closed or not
An announcement on whether the country will be closed or not

 

One Comment

  1. Hello just wanted to give you a quick heads up. The words in your article seem to be running
    off the screen in Safari. I’m not sure if this is a
    format issue or something to do with web browser compatibility but I figured I’d post to let you
    know. The design look great though! Hope you get the issue solved soon.
    Many thanks

Leave a Reply

Your email address will not be published.

Back to top button