ක්‍රීඩා පුවත්

මැතිව්ස්ගේ ඉල්ලීම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්

ඉන්දීය තරගාවලිය සදහා නම් කර ඇති මූලික සංචිතයට ඇන්ජෙලෝ මැතිව්ස් ඇතුළත්ව සිටි නමුත්, තමාව ජාතික කණ්ඩායමේ වගකීම්වලින් තාවකාලිකව නිදහස් කරන ලෙසට ඔහු ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරනවා.

නැවත දැනුම් දෙන තුරු පෞද්ගලික හේතූන් මත මැතිව්ස් එම ඉල්ලීම සිදු කර ඇති බවයි ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක සදහන් වන්නේ.

මේ අතර ඉදිරි වසර සඳහා වන ක්‍රීඩක ගිවිසුමට ක්‍රීඩකයින් 29 දෙනෙකු අත්සන් තබා තිබෙන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.

Back to top button