Lakderana News is the Sri Lankan leading hot news, gossip c lanka, gossip lanka news & highly competitive web site.
Amazon chief on a space trip
ඇමරිකාවේ ඇමසන් සමාගමේ නිර්මාතෘ ජෙෆ් බෙසොස් ලබන මාසයේදි සිය Blue Origin සමාගම මගින් ඉදිරිපත් කර ඇති ස්ථානයෙන් අභ්‍යවකාශ චාරිකාවකට සම්බන්ධ වන බව පසුගියදා අනාවරණය කළේය. මෙහිදී සිය සහෝදරයා වන මාර්ක්ද මේ ගමන සඳහා තමන් සමග එක්වන බවත් බෙසොස් පවසා තිබේ. “මට අවුරුදු පහේ ඉදන්ම මම අභ්‍යවකාශයට යන්න සිහින දැක්කා. ලබන ජූලි 20දා මම මගේ සහෝදරයාත් එක්ක මේ ගමන යනවා. මගේ හොඳම යහලුවාත් සමගින් මේ අභියෝගාත්මක අත්දැකීම විදගන්න මම කැමතියි.
” යනුවෙන් බෙසොස් සිය ඉස්ටග්‍රෑම් ගිණුමේ එලෙස සටහන් කර තිබේ.බෙසොස් අභ්‍යාවකාශයට යාමට සූදානම් වන මෙම Blue Origin සමාගම ඇමසෝන් සමාගමේ ආයෝජනයකි. එය ආසන හයක් සහිත කැස්සුලයක් වන අතර,අනාගත අභ්‍යවකාශ චාරිකා සදහා එය නිපදවා තිබේ. මේ අතර ලබන මාසයේදී බෙසොස් ඇමසෝන් සමාගමෙන් ඉවත්වීමට සූදානමින් සිටින බවත්, ඊට පෙර ඔහු මෙම අභ්‍යාවකාශ චාරිකාවේ නිරත වීමට අදහස් කරගෙන ඇති බවත් වාර්තා පවසයි. මෙම යානය මීට පෙර 15 වතාවක් මිනිසුන් රහිතව කක්ෂගත කර තිබේ. මෙම ගමනේදී බෙසොස්ගේ සහෝදරයාට අමතරව තවත් මගීන් දෙනෙකුද ගමන් කරන බව පැවසෙයි. මෙහිදී යානයේ සියලු දෙනා පෘථිවියේ වායුගෝලයත් අභ්‍යාවකාශයත් අතර සීමාවේ විනාඩි 10ක් පමණ කාලයක් රැදී සිටින බවත් සදහන් වෙයි.
සරාගී චරිත වගේම විවිධාංග වූ චරිත හරහා අපි අතරට එන ඇය චුලක්ශි රණතුංගයි. සිනමාව තුල…
प्रिमियर लिगको साविक विजेता लिभरपुललाई हराउँदै आर्सनलले कम्युनिटी शिल्डको उपाधि जितेको छ।सिजनको लिग सुरु हुनु…
मलेसियामा जारी एसीसी महिला टी–२० च्याम्पियनसिपअन्तर्गत नेपाल र युएईबीचको पहिलो सेमिफाइल खेल वर्षाका कारण रद्द…
කාලයක් ජනප්‍රියම නිලිය සම්මානය ලබා ගත් නමුත් අද වෙනකම්ම වැඩිය නිර්මාණවල දකින්න නොලැබුණත් ඒ ජනප්‍රියත්වය…
සල්සපුනා නාට්‍යයේ පත්තරකාරී, සුදු ඇදගෙන කලු ඇවිදින් නාට්‍යයේ අයෝමා, කැන් යූ හියර් මී මහිම් වගේම…
අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන දක්ෂ පිති කරුවෙක්,…