චීනා ඕක ගත්තට පස්සෙ ලංකාවෙ අනෙක් සියලු ව්‍යාපාරත් උදුරගන්නවා

පොර්ට් සිටි ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය වෙනුවෙන් අධිනීතීඥ ශ්‍රීනාත් පෙරේරා දැක්වූ අදහස් මේ සමග පළවේ.

චීනය කියන්නේ ජාත්‍යන්තර සම්මතයන්ට අනුකූලව කටයුතු කරන රටක් නෙමෙයි . පැහැදිලිය ඒක. මේ චීන රජය ලංකාවට එන්න එන්නේ මේ ශ්‍රී ලාංකිකයින්ට තියන දයාව අනුකම්පාව සහ ආදරය මත ද? තමන්ගේ රටේ ඉන්න චීන්නුන්ට වඩා තමන්ගේ රටේ දුක්විඳින අමාරුකම් වල ඉන්න චීන ජාතිකයින්ට වඩා ශ්‍රී ලාංකික ජාතිකයින්ට අත දිය යුතුයි කියන පරම පවිත්‍ර චේතනාවෙන් එහෙනම් කටයුතු කරනවා නම් ඒ චීන රාජ්‍ය නායකයින් චීන මිනිසුන්ට කරන්නේ අසාධාරණයක් .එහෙනම් මේ චීන්නු ලංකාවට එන්නේ මේ චීන රජය ලංකාවට එන්නේ අපිට තියෙන ආදරයක් හින්දා නෙමෙයි .යුද්ධයෙන් රටවල් යටත් කර ගන්න බැරි තත්වයක් යටතේ මේ රටේ දුප්පත් රටවලට ණය දීලා ණය බරින් හිර කරලා ණය උගුලක හිර කරවලා යුද්දෙ කින් කරගන්න බැරි දෙයක් ක්‍රියාත්මක කර ගැනීමේ අරමුණින් තමයි චීනයේ ලංකාවට එන්නේ.

ලෝකයේ වංචනික පාලකයින් හිටපු රටවල් වල ආර්ථිකය බින්දුවට බැහැපු රටවල් වලට චීනය ගොඩ බැස්සා ආර්ථික ආධාර දෙනවයි කියලා. ඊට පස්සේ ටිකෙන් ටික ඒ රාජ්‍ය වල සම්පූර්ණ බලය තමුන්ගේ අතට ගත්තා. ලංකාවට මේ වරාය නගර ව්‍යාපෘතිය තුළින් මේ රටට ඇතුල් උනයින් පස්සේ චීනය කරන ඊළඟ පියවර තමයි මේ රටේ ඒ තියෙන සියලුම ආර්ථික ස්ථාන තමන්ගේ අත යටට ගන්නවා .ඒවා ගත්තායින් පස්සේ මේ මිනිස්සුන්ගේ ග්‍රහනයට අපි හසු වුනයින් පස්සේ මම හිතන්නේ නැහැ අපිට තව අවුරුදු පරම්පරා ගණනක් යනකන් මේකෙන් මිදෙන්න පුළුවන් වෙයි කියලා .මේකේ භයානකකම ඒකයි .ඒ නිසයි අපි මේ රජයට කියන්නේ මේ රටේ මිනිස්සුන්ට ආදරයක් තියෙනවා නම් මේක අපි නොකර කරන්න එපා කියලා නෙමෙයි කියන්නේ. කරන්න හැබැයි නීතිය හදනකොට හෝ වෙනත් ඕනෑම රටකට අපි ග්‍රහණයට ලක් කරගෙන මේ රට චීනයේ කොලනියක් බවට පත් කරලා චීන පරම්පරාවක් මේ රටේ තවත් පරම්පරාවක් හැටියට ගොඩනගන එක වළක්වාලන්නට අපි පියවර ගනිමු. මේ ඉදිරිපත් කරලා තියෙන මේ කෙටුම්පත යටතේ අපි අපේ රට අවුරුදු අනූ නමයකට උකස් තියනවා.

විදේශික ආයෝජකයෝ කියලා කියන අයත් එක්ක අවුරුදු 40කට ක්‍රියාත්මක වෙන්න පුළුවන් ගිවිසුම්වලට අපි ඇතුළත් වෙනවා. අපේ රටේ ආර්ථිකයට බලපාන්නා වූ මේ රටේ මිනිස්සු යටත් වෙලා ඉන්න පිළිගත යුතු නීති දාහතරකින් ඔවුන්ව නිදහස් කරන්න පුළුවන් රේගු පනත, විදේශ විනිමය පනත, බැංකු අධීක්ෂණය මේ වගේ වැදගත් පනත් වලින් නිදහස් කරලා ඔවුන් සමග අවුරුදු හතළිහකට ගිවිසුමකට ඇතුළත් උනයින් පස්සේ ඊළඟට එන රජය මේ රටේ නීතිය වෙනස් කළත් ඒ ගිවිසුම් වලින් ඇතිවන බැඳීම් වලින් අපි අඩුගානේ අවුරුදු හතළිහකට බැඳිලා යටත් වෙනවා. අපි ඒවා කඩ කළොත් රජයේ නීතිය වෙනස් කරලා හරි ඒව කඩ කළොත් ජත්‍යන්තර අර්බුද විසඳන ක්‍රමවේද එකට ගිහිල්ලා ලංකාවට ප්‍රකෝටි ගණන් වලින් වන්දි ලබාගැනීමේ හැකියාවක් මේ ආයෝජකයින්ට තියෙනවා .එහෙනම් අපි උකස් තියන්නේ අපේ අයිතිවාසිකම් විතරක් නෙමෙයි මතු පරම්පරා තුනකට ඉපදෙන්න ඉන්න දරුවන්ගේ අයිතිවාසිකම් තමයි අපි මේ උකස් තියන්නේ. අන්න ඒ නිසයි මේ වැඳලා කියන්නේ අතිගරු ජනාධිපතිතුමනි, කියනවනං ඇවිල්ලා දෙපා ඉඹලා වැඳ වැටිලා ඔබතුමා ඉදිරියේ වැඳලෙ ඉල්ලීම කරන්නේ කරුණාකරලා මේ හෙන ගහන ක්‍රමවේදය මේ හදිස්සියේ දුවන්න එපා .මේක ගැන අධ්‍යනයක් කරන්න. මේ පිළිබඳ ජනතාවට සංවාදයක් කරන්න වෙලාව දෙන්න .කතා කරන්න දෙන්න .ඒකට විරුද්ධව තියෙන කරුණු ඉදිරිපත් කරන්න දෙන්න. ඊට පස්සේ ඒවා සලකලා බලන්න. බලලා අඩුපාඩුකම් තියෙනවා නම් හරිගස්සලා ඊට පස්සෙ නීතිය සම්පාදනය කරලා වරාය නගර ව්‍යාපෘතිය ඉස්සරහට ගෙනියන්න. අපි කරන්නේ ඉල්ලීම් ඒකයි. මේ රටේ ජනතාවට අතිශයින් බලපාන්නාවූ මේ නීතිය විවෘත සංවාදයකට ලක් කරලා ඉවරවෙලා අවසානයේ දී තීන්දු ගත යුතු මේ නීතිය හැකි හැම තැනකම මේකට විරුද්ධව කතා කරන්න තියෙන ඉඩ කඩ අහුරලා ඒ නීතිය හෙට හැන්දෑ වෙනකොට සම්මත කරගන්න උත්සාහ කරන්න.

මම කියන්නම් කාරණය ,එක විසි වෙනි සංශෝධනයට ඉසෙල්ලා පනත් කෙටුම්පතක් ව්‍යවස්ථාදායකයට ගේනකොට පුරවැසියන්ට අයිතියක් තිබුණා දවස් 14 ක් ඇතුලත ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා පෙත්සම් ඉදිරිපත් කරන්න. ඒක දවස් 7 ට අඩු කෙරුවා. 7 ට අඩු කරල අප්‍රේල් මස 8 වෙනිදා සිංහල අවුරුද්දට අඩියක් මෙහා තියෙද්දි අප්‍රේල් 8 වෙනිදා ඒක ව්‍යවස්ථාදායකයට ඉදිරිපත් කරනවා .එතකොට අප්‍රේල් මාසේ 15 වෙනිදා වෙනකම් විතරයි කල් තියෙන්නේ ඒකට විරුද්ධව පෙත්සම් ඉදිරිපත් කරන්න .දවස් හතරක් ප්‍රසිද්ධ නිවාඩු ඒකට එකතු කෙරුවා තව දවසක් එකතු කරලා දවස් පහක් නිවාඩු කෙරුවා. එතකොට පෙත්සම් ඉදිරිපත් කරන්න අයිතිය තිබුණේ එක දවසයි .

දෙවැනි කාරණාව අපි කියනවා මේ අවුරුද්දේ පෙබරවාරි මාසයේ මාර්තු විතර වෙනකන් මේ ආණ්ඩුව සෑහෙන්න හොඳට මේ කෝවිඩ් පලනය කරගත්තා. නමුත් මාර්තු මැද අග වෙද්දී අපිට තේරුම් ගන්න බැරි හේතුවක් මත ඒ පාලනය අයාල යන්න දුන්නා. ආණ්ඩුව ඒක කළේ ඕනෑකමින් .සිංහල අවුරුද්දට ඉස්සෙල්ලා කොවිඩ් එකක් ව්‍යාප්ත වෙන්න දුන්නම සිංහල අවුරුද්ද ඉවරවෙලා මේ පනත සම්මත කරන්නේ නොකොට කෝවිඩ් ව්‍යාප්ත උනහම මේ රටේ ජනතාවට ජාතික ප්‍රශ්න ගැන කතා කරන්න වෙලාවක් නැති වෙනවා. ඊට පස්සේ පාර්ලිමේන්තුවේ මේක ලහිලහියේ දැන් අදයි හෙටයි විවාද කරලා හෙටින් අවසාන කරන්න හදනවා. සමහර විට ආණ්ඩුව කෝවිඩ් ප්‍රශ්නය අයාලේ යන්න දුන්නේ මේ තරම් දරුණු තැනකට අද වෙනකොට මේ රටේ යයි කියලා නොහිතපු හින්ද වෙන්නත් පුළුවන්. නමුත් ඔලුවක් තියෙන ඕනෑම මිනිසෙකුට තේරුණා මේකෙන් ආයෙමත් මහා ව්‍යසනයකට රට යනවා කියලා. දැන් මේ කෝවිඩ් ප්‍රශ්නය මේ තරම් දුර ගිහිල්ලා තියෙද්දි ආණ්ඩුව දවස් දෙකක් දීල තියෙනවා මේක විවාද කරලා අවසාන කරලා නීතිය සම්පාදනය කරන්න. මේවා හෙණ ගහන අපරාධ .මේවා හෙණ ගහන අපරාධ .සමහර අය කියනවා මේකෙන් පාරාදීසේට යන දිව්‍ය ලෝකෙට යන්න අපිට අවස්ථාව ලැබෙනවා කියලා. ඒගොල්ලොන්ට නම් පාරාදීසයකට යන්න අවස්ථාව ලැබිලා ඇති .නමුත් මේ රටේ බහුතර ජනතාව පාරාදීසෙ කෙසේ වෙතත් අවීචි මහා නරකාදියට යන පාර තමයි මේ කපලා දෙන්නෙ. ඒ නිසා තමයි අපි මේ කියන්නේ මේක සංවාදයකට ලක් කරන්න .මේකෙ තියන අඩුපාඩුකම් ගැන කතා කරන්න මිනිස්සුන්ට අවස්ථාව දෙන්න.ඒ විතරක් නෙමෙයි හෙට හැන්දෑ වෙනකොට විවාදය අවසානයි .අප්‍රේල් මාසය අවුරුදු කාලේ lockdown කරන්න බැහැයි කියල තදින්ම කියපු ආණ්ඩුව ලබන සඳුදා යි අඟහරුවාදායි කොහෙවත් නැතුව මෙන්න නිවාඩු දවස් දෙකකුත් තව දීලා. එකෙන් මොකක්ද කරන්න හදන්නේ නීතිය සම්මත උනයින් පස්සේ දවස් හතරක් පහක් යනකම් මිනිස්සුන්ට පාරට බැහැලාවත් කතා කරන්න බැරි වාතාවරණයක් ඇති කරලා තියෙනවා. ඊට පස්සේ නීතිය සම්බන්ධ කරගත්තා ඉන්පස්සෙ අපි බලු කුක්කන් ගන්ට පත්වෙනවා.

මට කියන්න ඕන තව කාරණාවක් දෙකක් තියෙනවා. මේ පනතේ තියන අඩුපාඩු දෙක තුනක් මම කියන්නම්.
එක මේ පත් කරන කොමිසන් සභාව රජයේ අනුග්‍රහය යටතේ රජයේ මුදල් පාවිච්චි කරමින් පත් කරනු ලබන කොමිසන් සභාවක් .මේ රටේ තියෙනවා අල්ලස් පනත කියලා ඒකක්. අල්ලස් පනතට රාජ්‍ය සේවකයෝ සියලු දෙනා යටත් වෙනවා. ඊට අමතරව රාජ්‍ය මණ්ඩල ආයතන සහ රජය මුදලින් ක්‍රියාත්මක කෙරෙන ෙපෟද්ගලික සමාගම් පවා අල්ලස් පනත යටතට ගේන්න පුළුවන් .මොකද ඒවා ක්‍රියාත්මක කරන නීතියටත් ඇතුළත් කරනවා කාරණාවක් මේ ආයතනයත් අල්ලස් පනත යටතේ ලේඛනගත ආයතනයක් ලෙස සැලකිය යුතුයි කියලා. එහෙම එක ලේඛනගත ආයතනයක් බවට පත් කරයින් පස්සේ අල්ලස් කොමිසම් දෙපාර්තමේන්තුවට බලය තියෙනවා ඒ ආයතනය තුළ යම් කිසි නිලධාරියෙක් හෝ කවුරුහරි අල්ලස් ගත්තොත් ඒ පිළිබඳ විමර්ශනය කරලා ඔවුන්ට විරුද්ධව පියවර ගන්න. බලන්න මේ පනත හොඳට කියවලා කොහෙවත් කියල නෑ මේ කොමිසන් සභාව රජය ආයතනයක් හැටියට සැලකුවාට මේ කොමිසන් සභාව අල්ලස් පනත යටතේ ේඛනගත ආයතනයක් ලෙස සැලකිය යුතුයි කියලා කොහේවත් සඳහන් කරලා නෑ. එහෙනම් මොනවද අපි කරන්නේ. විවෘත බලපත්‍රයක් දෙනවා මේ කොමිසන් සභාවේ ඉහළ පෙළේ අයටත් ඒකට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන්ටත් ඒක පාලනය කරන දේශපාලනඥයන්ට කැමති විදියට කැමති කැමති විදියට අල්ලස් ගන්නට ඉඩ දෙනවා කිසිම නීතියේ මැදිහත් වීමකින් තොරව.

දෙවැනි කාරණාව මේ කොමිසමට පුළුවන්නේ ඒ ප්‍රදේශයේ බැංකු ව්‍යාපාරයට ඉඩදෙන්න. අක්වෙරළ බැංකු ව්‍යාපාරයට ඉඩ දෙනකොට වැදගත් කොන්දේසියක් තමයි ඒක නියාමනය කිරීම කරන්නේ මධ්‍යම බැංකුවේ මූල්‍ය මණ්ඩලය. මේකේ නියාමනයකින් තොරව රටේ හැම තැනකම අක්වෙරළ බැංකු ව්‍යාපාර කරනවා නම් යම් බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ නියාමනයට යටත් වෙනකොට මේ ප්‍රදේශය තුළ කොමිසන් සභාව යටතේ ක්‍රියාත්මක වෙන අක්වෙරළ බැංකු අධික්ෂණය කිරීමෙන් අයින් කරලා තියෙනවා.

එතකොට මොකක්ද වෙන්නෙ අර අපි මුදල් විශුද්ධිකරණය කරන්නට නැවතත් බලපත්‍රයක් දෙනවා. අපි දන්නවා මේ රටේ මෙතෙක් හිටපු දේශපාලනඥයින්ගෙන් සමහර අය අති විශාල මුදල් රටේ ජනතාවට අයිති විශාල මුදල් පිටරට ගෙනියලා තියෙනවා .දැන් ඒගොල්ලොන්ට ඕන වෙනකොට ඒවා මේ රටට ගේන්න මුදල් විශුද්ධිකරණය කරගන්නට යාන්ත්‍රණයක් අපි මේක තුළින් හදලා දීලා තියෙනවා.

තුන්වෙනි කාරණාව ඒ කොමිසමට පුළුවන් පුරවැසියන් සහ පුරවැසියන් නොවන අය සේවකයින් හැටියට බඳවගන්න .එතකොට ව්‍යාපාරයන් කරන අයට පුළුවන් පුරවැසියන් සහ පුරවැසියන් නොවන අය සේවකයින් හැටියට බඳවාගන්න. පැහැදිලිව කියලා තියෙනවා ව්‍යාපාර ඒ නම් කරන සේවකයින්ට රුපියල් වලින් පඩි ගෙව්වාට ඒවා ඒයලාට තමන්ගේ ගිණුම් වලට විදේශ මුදල් වලින් දාගන්න පුළුවන් කියලා. අපි වරාය නගරයට ගිහිල්ලා රෙස්ටුරන්ට් එකෙන් කාල් ආවොත් සේවයක් ලබා ගත්තොත් ඒක අපිට රුපියල් වලින් ගෙවන්න පුළුවන්. ඒ මුදල් විදේශීය මුදල් තියන ගිණුම්වලට තැන්පත් කරන්න පුළුවන් .

මොකක්ද මේකෙන් කරන්නේ මුදල් විශුද්ධිකරණය අනිත් පැත්ත. මේ රටේ අපේ සල්ලි විදේශ විනිමය පාලන පනත කියලා තියෙනවා ඒකෙන් නිදහස් කරනවා මේ ව්‍යාපාරිකයින්. කරලා ඉවරවෙලා මේ වතාවරණය හදලා දුන්නම මේ රටේ ඉන්න බලවත් දේශපාලනඥයින්ට ඕන නම් තමන්ගේ ෙහොරට හම්බ කරගත්ත සල්ලි නීතිගත කරලා මේක හරහා තමන්ගේ පිටරට account වලින් ලබාගන්න පුළුවන්.

මේ අසාධාරණය කරන්න එපා. ඒ නිසා අපි කාරුණික ආයාචනයක් කරනවා මේ රටේ අතිගරු ජනාධිපති තුමාගෙන් සහ පාර්ලිමේන්තු ඉන්න ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ගේ. ඒකයි අපිට තව බලාපොරොත්තු තියන්න පුළුවන්. ඔබතුමාලා හෙට සම්මත කරන්න ඉඩදෙන්න එපා .කල් දාන්න .මේක කරන්න එපා කියලා කියනවා නෙමෙයි හෙට දෙන්න එපා. තමන්ගේද දෑත් ඔසවන්න එපා. පල්ලෙහාට දාගෙන ඉන්න. එහෙම කරාම සමහර විට ඔබතුමාලගේ මන්ත්‍රීධුරය අහෝසි වෙන්න පුළුවන් .නමුත් මේ රටටයි මේ රටේ ජනතාවට ඔබතුමන්ලා ඉතිහාසගත වන සේවාවක් එයින් ඉටු කරන්නේ. ඔබතුමාලාව අනාගත පරම්පරාව මේ රට බේරාගත්ත වීරයන් ලෙස සලකයි. තව කාරණාවක් මට කියන්න තියෙනවා
ශ්‍රේෂ්ඨාධිකරණය මගින් මේකෙ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ ප්‍රකාශ කරනවා. න සමහර හිතනවා මේක හරියට හරි දැන් වැඩේ හරි ශ්‍රේෂ්ඨාධිකරණය කියලා තියෙනවා මේකෙ සමහර විධිවිධාන ව්‍යවස්ථාවට අනුකූල නොවේ කියලා ඒක හරිගස්සා ගත්තාම වැඩේ හරි. නෑ .. ශ්‍රේෂ්ඨාධිකරණයට මේ කාරණාවට කරන්න පුළුවන් ඉදිරිපත් කළ තියන කෙටුම්පත බලලා ඒ කෙටුම්පතේ තියෙන විධිවිධාන ව්‍යවස්ථාවේ විධානයන් එක්ක ගැටෙනවා ද නැද්ද කියලා කියන කාරණාවත් ,ගැටෙනවා නම් කොයි ආකාරයෙන් ද එක නීතිගත කරන්න පුළුවන් කියන කාරණාවත් විතරයි මතයක් ප්‍රකාශ කරන්න පුළුවන්.

ඒ නීතියෙන් රටට රටේ ජනතාවට මොන වගේ දෙයක් සිද්ධ වෙනවද ?ඒ නීතිය ක්‍රියාත්මක කිරීමෙන් අපි චීන කොලනියක් බවට පත් වෙනවා ද ?මේ රටේ ජනතාවට ඉදිරි ගමනක් යන්න බැරි තැනකට මේ රට සුනුවිසුනු වෙනවද කියන එක කාරණා ශ්‍රේෂ්ඨාධිකරණයට අදාල කරුණ නෙමෙයි .එහෙනම් එතනින් ඔබ්බට ගිය මේ පනතට අදාලව අපි සලකා බැලිය යුතු වැදගත් රටට වැදගත් රටේ ජනතාවට වැදගත් වන කාරණා කිහිපයක් තියෙනවා. ඒ කාරණා පිළිබඳ අපිට තවදුරටත් සාකච්ඡා කරලා අවසාන නිගමනයකට එන්න අවස්ථාව සලසා දෙන්න. මේ ක්‍රියාවලිය තුළින් අපි ඉන්දියාව ,ඇමරිකාව වගේ රටවල් අපේ හතුරන් බවට පත්කරගන්නවා. අපි දන්න දෙයක් තියෙනවා ඉන්දියාවයි චීනයයි අතර අති විශාල අර්බුද තත්ත්වයක් තියෙනවා. එහෙනම් මේ මොහොතේ ඉන්දියාව ඒගොල්ලොන්ට තියන කෝවිඩ්ප්‍රශ්න හින්දා නිශ්ශබ්දඉන්නවා. වි හැබැයි මතක තියාගන්න කවද හරි ඔය කෝවිඩ් ප්‍රශ්නෙන් ගැලවුන දවසකට ඉන්දියාව අපිට රිදෙන්න ගහනවා. ඉන්දියාව සහ චීනය අතර යම්කිසි සටනක් ඇති වුනොත් ඒ හට අපේ රටේ අපේ රටේ ජනතාවටයි කැරපොත්තො පොඩි වෙලා වගේ විනාශ වෙලා යන තැනකට තල්ලු වෙන්න පුළුවන්. ඔය පාර්ලිමේන්තුවේ ඉන්න 224 දෙනාගෙන් වැඳලා ඉල්ලන්නම් කරුණාකරලා හෙට මේක සම්මත කරගන්න ඉඩ දෙන්න එපා .පසු අපි සලකා බලමු. මොකක්ද මේකට තියෙන හදිස්සිය. මේක හෙට සම්මත කරගත්තේ නැත්නම් රටේ මිනිස්සුන්ට කන්න නැතුව දස දහස් ගනින් මිය යන්න යන්න පටන් ගන්නවා ද? ඒ තරම් බංකොලොත් අතකටද මේ රට පත්වෙලා තියෙනව ද? ඒ නිසා කාරුණිකව ඉල්ලනවා.

Exit mobile version