පරාජයට පාර කැපුවේ යයි චෝදනාවලට වැරදිකරුවී ඇෆ්ගනිස්තාන ක්‍රිකට් නායකයා නෙරපයි

ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරමින් සිටින අස්ගර් ඇෆ්ඝන් නෙරපීමට තීරණය කළ බව එරට ක්‍රිකට් ආයතනය පවසයි. සිම්බාබ්වේ කණ්ඩායම සමග මාර්තු මාසයේ පැවති තරගයක සිදුවූ වංචා දූෂණ හා වැරදි තීරණ සාක්ෂි සමග ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතනයේ විමර්ශන ඒකකය වෙත හෙළිවීම මෙයට හේතුවයි.

විමර්ශන ඒකකයේ එම නිගමනය පදනම් කර ගනිමින් ඔහුව නායකත්වයෙන් ඉවත් කිරීමට කටයුතු කළ බව ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.
අබුඩාබි හී පැවැති පළමු ටෙස්ට් තරගයේ පරාජයට ඔහු ගත් ඇතැම් තීරණ හේතු වී තිබූ බවට ඔහු සම්බන්ධයෙන් සිදු කෙරුණු පරීක්ෂණයකදී හෙළිවීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.
ඒ අනුව ටෙස්ට් සහ එක්දින කණ්ඩායමේ නව නායකයා ලෙස හෂ්මටුල්ලාහ් ශහිඩී (Hashmatullah Shahidi) පත් කර ඇත.
20යි 20 නව නායකයා ද කඩිනමින් පත් කිරීමට කටයුතු කරන බව එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

Exit mobile version