විදෙස් පුවත්

කොරෝනා දැන් නෑ කියමින් වසරකට පසු වුහාන්හි පැවති දුරස්ථභාවය නැති උපාධි ප්‍රදානෝත්සවය

පසුගිය කාලයේ කොරෝනා ආරම්භවූවා යයි ප්‍රකටවූ චීන නගරය වන වුහාන්හි සිසුන් 11,000 කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් දැවැන්ත උපාධි ප්‍රදානෝත්සවයක් පවත්වා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ලෝකය අතුගා දැමූ ගෝලීය කොවිඩ් -19 වසංගතයේ ආරම්භක ස්ථානය බවට නගරය පත්වී වසරකට පසුව මෙය ඔවුන් පවත්වන්නේ කිසිදු දුරස්ථභාවයක් හෝ තබා නොගෙන කොරෝනා තුරන්වී හමාරය යන අදහසිනි.
නාවික නිල් පැහැති ඇඳුමින් සැරසුණු සිසුන් සමාජ දුරස්වීමක් හෝ මුහුණු ආවරණ නොමැතිව සාමූහිකව පේළි වල වාඩි වී සිටියහ.

එරට දේශීය ප්‍රවෘත්ති පත්‍රයක් වන හුබෙයි නිවුස් පුවත්පතට අනුව , මෙම උත්සවය විශ්ව විද්‍යාල භූමියේ ක්‍රීඩාංගනයක පැවති අතර එයට සිසුන් 11,000 කට වැඩි පිරිසක් සහභාගී වූහ. තම දරුවන් උපාධි ලබා ගැනීම නැරඹීම සඳහා දෙමාපියන් 3,000 කට වැඩි පිරිසකට ආසන ලබා දී තිබූ අතර, ක්‍රීඩාංගනයේ සිටි මුළු සංඛ්‍යාව 14,000 ඉක්මවයි.
පිරිස මෙතරම් වැඩි වුයේ ගියවසරේ උපාධි ප්‍රදානෝත්සවය පවත්වන්නට නොහැකිවීම නිසාය.
පසුගිය 13 වන ඉරිදා පැවති උත්සවයේදී 2,200 කට වැඩි පිරිසක් පසුගිය වසරේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වීමට නොහැකි වූ උපාධිධාරීන් බවද පුවත්පත වාර්තා කර තිබේ.

Back to top button