Uncategorized

මහ බැංකුවෙන් අනතුරු ඇඟවීමක්

සංවිධානාත්මක කණ්ඩායම් විසින් සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවට අනතුරු අඟවා තිබෙනවා.

තාවකාලිකව අවහිර කර ඇති තම ගිණුම්වලට විදේශීය හෝ දේශීය මුදල් විශාල ප්‍රමාණයක් බැර කර ඇති බවට සංවිධානාත්මක කණ්ඩායම් ප්‍රකාශ කරන වංචා සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇති බවත්, එම අවහිර කිරීම ඉවත් කිරීමට සහය විය හැකි ඕනෑම පුද්ගලයකුට සිත්ගන්නාසුලු මුදලක් ගෙවන බවත් එම වංචාකරුවන් ප්‍රචාරය කරන බවද මහ බැංකුව පවනවා.

එවැනි කණ්ඩායම් විවිධ ගිණුම්වලට විශාල මුදල් බැර කර ඇති බවට ව්‍යාජ ලියකියවිලි ද පෙන්වන අතර එම මුදල් ආපසු ගැනීමට මහ බැංකුවේ අනුමැතිය පමණක් ලබාගත යුතු බවද සඳහන් කරන බවයි මහ බැංකුව පවසන්නේ.

මෙම වංචනිකයන් පෞද්ගලික හැඳුනුම්පත් අංක, කාඩ්පත් සත්‍යාපන අංක (CVV), එක් වරක්-මුරපද (OTP) සහ පරිශීලක හැඳුනුම්පත් මුරපද වැනි ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ්පත් පිළිබඳ විස්තර ඉල්ලා සිටින බවද සඳහන් කළා.

එවැනි තොරතුරු සැපයීම ගනුදෙනුකරුවන් බරපතළ මූල්‍ය අනතුරකට ලක් කරන බවත්, එවැනි වංචනික දැනුම්දීම් සහ භාවිතයන් නොසලකා හරින ලෙසත් මහ බැංකුව මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Back to top button