සහල් තොගයක් රැගත් නෞකාවක් කොළඹ වරායට

ඉන්දියාවෙන් ඇනවුම් කළ තවත් නාඩු සහල් තොගයක් රැගත් නෞකාවක් අද(17) කොළඹ වරායට පැමිණීමට නියමිතව තිබෙන බව වාර්තා වනවා.

ඉන්දියාවෙන් ඇනවුම් කළ සහල් මෙට්‍රික් ටොන් 30,000 න් කොටසක් මෙසේ පැමිණීමට නියමිත බව වෙළෙඳ අමාත්‍යාංශය සඳහන් කළා.

ඇනවුම් කළ සහල් තොගයෙන් මෙට්‍රික් ටොන් 6,000ක් පසුගිය සතියේ දිවයිනට ලැබුණු අතර ඉතිරි සහල් තොගය ද මේ මාසය ඇතුළත දිවයිනට ලැබීමට නියමිත බව සඳහන්.

එමෙන්ම පොන්නි සම්බා මෙට්‍රික් ටොන් 50,000 ක් ද නුදුරේදීම මෙරටට ලැබීමට නියමිත බවත් සතියකට නැව් 3 බැගින් වන ලෙස එම සහල් තොගය මෙරටට රැගෙන එන බවත් අමාත්‍යාංශය දැනුම් දී තිබෙනවා.

මෙසේ පැමිණෙන සහල් සතොස හා සමූපකාර අලෙවිසැල් හරහා බෙදා හැරීමට නියමිත බව එහි වැඩිදුරටත් සඳහන්.

Exit mobile version