ක්‍රීඩා පුවත්

රෝයල් චැලේන්ජර්ස් පිලට තියුණු ජයක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමග පැවති තරගයෙන් එක් ලකුණකින් ජයග්‍රහණය වාර්තා කිරීමට රෝයල් චැලේන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම ඊයේ සමත් විය.තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බැංග්ලෝර් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 171ක් ලබාගත්තේය.

එම ඉනිම වෙනුවෙන් ඒබී. ඩිවිලියර්ස් නොදැවී ලකුණු 75ක් රැස්කිරීමට සමත් විය.පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි දිල්ලි කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 04ක් දැවී ලබාගත හැකි වුයේ ලකුණු 170ක් පමණි.

Leave a Reply

Your email address will not be published.

Back to top button