ගොසිප් පුවත්

උසස් පෙළ සිසුන්ගේ මව්පියන්ගෙන් ඉල්ලීමක්

උසස් පෙළ විභාගයට පෙනීසිටින කොළඹ දිස්ත්‍රික්කයේ, කොළඹ ඇතුළු අධ්‍යාපන කලාප 3ක පාසල් දරුවන් වෙත ෆයිසර් එන්නත ලබාදීම අදත් සිදු වුණා.

මේ පිළිබඳව අදහස් දැක්වූ කොළඹ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දිලිප් ලියනගේ මහතා එන්නත් ලබානොගත් දරුවන් ට ඒ සඳහා යොමුවන ලෙස ඉල්ලීමක් කළා.

වැඩි දුරටත් ඔහු කියා සිටියේ එන්නත්කරණය සම්බන්ධව කිසිම සැකයක් ඇතිකර ගැනීමට අවශ්‍යතාවයක් නොමැති බවයි.

එමෙන්ම සෞඛ්‍ය අංශ ගැන විශ්වාසය තියාගෙන කටයුතු කරන මෙන් ඔහු සියලුම දෙමාපියන්ගෙන් බැගෑපත්ව ඉල්ලා සිටින බව පැවසුවා.

එමෙන්ම එන්නත්කරණ වැඩසටහන සඳහා පළමු වතාවේදීම තමුන්ගේ ළමයින්ව යොමු කරන ලෙසද ඔහු ඉල්ලා සිටියා.

එමෙන්ම පළමු අදියර ලෙස කොළඹ දිස්ත්‍රික්කයේ ඉතා සාර්ථකව මේ වැඩසටහන අනිද්දා දිනයේ සහ සිකුරාදා දිනයේ සිදු කිරීමට නියමිතව තිබෙනවා.

කිසියම් ළමයෙක් මොනයම් හේතුවක් නිසා හෝ එන්නත්කරණ වැඩසටහනට යොමු වී නොමැති නම් ඒ ළමුන් සඳහා විශේෂ එන්නත්කරණ වැඩසටහනක් සුදානම් කර තිබෙන බවද වැඩිදුරටත් සඳහන්.

එමෙන්ම සෙනසුරාදා දිනයේදී උදේ 9 සිට 1 දක්වා MOH කාර්යාලවලදී එන්නත්කරණය සිදුකර ගැනීමට හැකි බවද ඔහු සඳහන් කළා.

Back to top button