දේශීය පුවත්

අද රාත්‍රියේ සිට ගමනාගමනයට අවසර හිමිවන අය ගැන පොලීසියෙන් දැනුම්දීමක්

අද රාත්‍රියේ සිට ආර්ථික මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට අවසර හිමිවන බව පොලීසිය පවසනවා.

ඒ, හෙට සහ අනිද්දා දිනයේ දී ආර්ථික මධ්‍යස්ථාන විවෘතව පවතින නිසාවෙන් බවයි පොලීසිය පැවසුවේ.

කෙසේ වෙතත් ඒ සඳහා අවසර හිමි වන්නේ ආහාර, එළවළු, මත්ස්‍ය ඇතුළු වෙනත් අත්‍යවශ්‍ය නිෂ්පාදන සපයන්නන්ගේ ලොරි රථ සහ වාහන වලට පමණක් බව ද පොලීසිය සඳහන් කළා.

ඒ සඳහා විශේෂ අවසර පතක් අවශ්‍ය නොවන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

ඒ පිළිබඳව වැඩිදුර පැහැදිළි කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා.

Back to top button