පළාත් සභා මැතිවරණය ගැන ඉඟියක්

ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකිරීමෙන් අනතුරුව මාස දෙකක් වැනි කාලයක් තුළ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකියාව ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිමල් ජි. පුංචිහේවා මහතා පවසයි.
මල්වතු සහ අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජි. පුංචිහේවා මහතා එම අදහස් පළ කළේය.
පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුයි යන්න තම කොමිෂන් සභාවේ ස්ථාවරය බව ද ඔහු සඳහන් කළේය.
ඒ හේතුවෙන් පළාත් සභාව සඳහා මහජන නියෝජිතයින් පත්කරන ලෙස මැතිවරණ කොමිසමේ ඉල්ලීම බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිමල් ජි. පුංචිහේවා මහතා වැඩිදුරටත් පැවසීය.
“මැතිවරණය නිදහස් හා සාධාරණව පවත්වා ගැනීමේදී අපි හඳුනාගත් යම් යම් දෝෂ තියෙනවා. එහි නීති සංශෝධනය කළයුතුව තියෙනවා. උදාහරණයක් ලෙස නිදහස් හා සාධාරණ මැතිවරණයක් නම් සියලුදෙනාටම ඡන්දය පාවිච්චි කිරීමේ හිමිකම තියෙනවා. දැන් අපේ රටේ අත්‍යවශ්‍ය සේවන්වල සිටින වෛද්‍යවරු, හෙදියන්ට ඡන්දය පාවිච්චි කිරීමේ අවස්ථාව ලැබෙන්නේ නැහැ. තැපැල් ඡන්ද අයිතියන් නැහැ අපේ නීතිය යටතේ. ඉතින් මේවා වෙනස් වෙන්න ඕනේ. මේ අයට පූර්ව ඡන්දය භාවිතා කිරීමට ඡන්ද ක්‍රමය වෙනස් කරන්න ඕනේ. පසුගිය කාලයේ ඉදන් එක් අපි සකක් කරමින් තිබුණේ. දැන් ඒක ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒ වගේම මැතිවරණ වියදම් පිළිබඳ පාලනයක් සකස් කරන්න දැනටමත් ක්‍රමවේදයක් සාකච්ඡා කරමින් යන්නේ.“
Hello, i think that i saw you visited my weblog so i came to “return the favor”.I’m
attempting to find things to improve my web site!I suppose its
ok to use some of your ideas!!
Its like you read my mind! You seem to know a lot about this,
like you wrote the book in it or something. I think that you could do with some
pics to drive the message home a little bit, but other than that,
this is excellent blog. An excellent read. I’ll definitely be back.
Heya! I just wanted to ask if you ever have any issues with hackers?
My last blog (wordpress) was hacked and I ended up losing months of hard
work due to no backup. Do you have any methods to protect
against hackers?