Lakderana News is the Sri Lankan leading hot news, gossip c lanka, gossip lanka news & highly competitive web site.
දේශීය පුවත්

පිටතින් අගුල් දමා තිබූ ගබඩාව තුළ කාන්තාවන් පිරිසක් වැඩ

කොවිඩ් ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් දඹුල්ල නගරය වසා තිබියදී නිරෝධායන නීති උල්ලංඝණය කරමින් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස අර්තාපල් සහ ලොකු ළූණු ගබඩාවල වෙළෙඳාම් සිදුකරන බවට ප්‍රාදේශීය සෞඛ්‍ය අංශවලට  (06) තොරතුරක් ලැබී තිබුණි.ඒ අනුව දියත්කළ වැටලීමේදී හඳුනාගත් වෙළෙඳාම් කරමින් සිටි අයට එරෙහිව නීතිමය පියවර ගනු ලැබීය.එම ස්ථානයෙන් පිටත්ව යෑමට සෞඛ්‍ය බලධාරීන් සූදානම් වූ අවස්ථාවේදී ඔවුන්ට, පිටතින් ඉබි යතුරු යොදා වසාදමා තිබූ ගබඩාවක් තුළින් කාන්තාවන් පිරිසකගේ හඩ ඇසී තිබුණි.

ඒ ගැන අවධානය යොමු කළ සෞඛ්‍ය නිලධාරීන් මෙම ගබඩාව විවෘත කිරීමට උත්සහ කළද ඊට පැයක පමණ කාලයක් ගතවූයේ ගබඩාවේ හිමිකරු පිටතින් ගබඩාව වසාදමා වෙනත් රාජකාරියකට පිටත්ව ගොස් තිබීම හේතුවෙනි.පසුව ගබඩාව විවෘත කර ඒ තුළට ගිය නිලධාරීන්ට දක්නට ලැබුණේ කාන්තාවන් 8 දෙනෙකු එහි සේවය කරමින් සිටින අයුරුය.ගබඩා හිමිකරු දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගත් සෞඛ්‍ය නිලධාරීන් ඔහුට දැඩි ලෙස අවවාද කරමින් වහාම පොලීසියට පැමිණෙන ලෙස දැනුම් දුනි.

එමෙන්ම එම සේවිකාවන් සියලු දෙනාගේ PCR පරීක්ෂණ පුද්ගලික වියදමින් සිදුකර වාර්තා ලබාදෙන ලෙස ද සෞඛ්‍ය බලධාරීන් අදාළ පුද්ගලයාට දැනුම් දී තිබුණි.මේ අතර, සෞඛ්‍ය උපදෙස්වලට පටහැනිව ඇතැම් පිරිස් ක්‍රියා කිරීම හේතුවෙන් හෙට (07) සිට ලබන ඉරිදා දක්වා තවදුරටත් දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය මාතලේ දිස්ත්‍රික්කයේ ගොවීන්ට පමණක් සීමා කිරීමට බලධාරීන් තීරණය කර තිබේ.

මාතලේ දිස්ත්‍රික් කොවිඩ් මර්දන කමිටු ප්‍රධානී, මේජර් ජෙනරාල් නිශාන්ත මානගේ මහතා දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී (06) පස්වරුවේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ඒ බව සඳහන් කළේය.මේ අතර, වැලිසර විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ තවත් සේවකයින් 14 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනයවීම හේතුවෙන් එම ආර්ථික මධ්‍යස්ථානයෙන් මේ දක්වා හමුවූ ආසාදිතයින් සංඛ්‍යාව 28ක් දක්වා ඉහළගොස් තිබේ.ඒ අනුව ආසාදිතයින් වාර්තා වූ වෙළෙඳසැළ් සියල්ල මේ වනවිට වසා දැමීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරයි.

News Writer

Recent Posts

මම දසමාසේ කියලා අපේ ආච්චිටත් වදිනවා, මම කොච්චර ලොකු වුනත් තවමත් එයාට මම චූටි දුව

සරාගී චරිත වගේම විවිධාංග වූ චරිත හරහා අපි අතරට එන ඇය චුලක්ශි රණතුංගයි. සිනමාව තුල…

2 months ago

कम्युनिटी शिल्ड : लिभरपुललाई हराउँदै आर्सनल च्याम्पियन

प्रिमियर लिगको साविक विजेता लिभरपुललाई हराउँदै आर्सनलले कम्युनिटी शिल्डको उपाधि जितेको छ।सिजनको लिग सुरु हुनु…

3 months ago

वर्षा बाधक बन्दा नेपाल एसिया कपमा छनोट हुन बञ्चित

मलेसियामा जारी एसीसी महिला टी–२० च्याम्पियनसिपअन्तर्गत नेपाल र युएईबीचको पहिलो सेमिफाइल खेल वर्षाका कारण रद्द…

3 months ago

අපේ අම්මලා ජ්‍යෙතිශ්‍ය විශ්වාස කරන නිසා මාව ඉක්මනට බන්දලා දුන්නේ වයස 22දී – ඕෂධී හේවාමද්දුම

කාලයක් ජනප්‍රියම නිලිය සම්මානය ලබා ගත් නමුත් අද වෙනකම්ම වැඩිය නිර්මාණවල දකින්න නොලැබුණත් ඒ ජනප්‍රියත්වය…

3 months ago

මම පවුල් 200කට හාල් බෙදලා දුන්නා, සමාජ සේවයේත් යෙදෙනවා හැබැයි දේශපාලනයට එන්න එහෙම නෙමෙයි – මිෂෙල් දිල්හාරා

සල්සපුනා නාට්‍යයේ පත්තරකාරී, සුදු ඇදගෙන කලු ඇවිදින් නාට්‍යයේ අයෝමා, කැන් යූ හියර් මී මහිම් වගේම…

4 months ago

ලෝක කුසලානය දසුන් උස්සනවා බලන්න මම හරි ආසයි, ඔහුව මට ලැබුනේ වාසනාවට-දස්සාගේ ආදරණීය බිරිඳ

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන දක්ෂ පිති කරුවෙක්,…

4 months ago