අරුම පුදුම

වර්ෂ 1226 ට පසු බ්‍රහස්පති හා සෙනසුරු වඩාත් සමීප දසුනක්

අපේ සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහලෝක දෙක මධ්‍යකාලීන යුගයෙන් පසුව වඩාත් සමීපව දර්ශනය වන අවස්ථාවක් මෙම දෙසැම්බර් මස අගභාගයේදී පෘථිවි වාසීන්ට උදාවන බව තාරකා විද්‍යාඥයන් පවසයි.

සහෙල් විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යාඥ සහ භෞතික විද්‍යාව හා තාරකා විද්‍යාව පිළිබඳ මහාචාර්ය පැට්‍රික් හාර්තිගන් පැවසුවේ, “මේ ග්‍රහලෝක දෙක අතර පෙලගැස්ම තරමක් දුර්ලභ වන අතර, එය වසර 20කට වරක් සිදුවෙනවා. නමුත් මේ සංයෝජනය සුවිශේෂී වන්නේ, දුර්ලභ වන්නේ ග්‍රහලෝක එකිනෙකට කෙතරම් සමීපව පෙනෙනු ඇත්ද යන්න නිසයි.”

“රාත්‍රී අහසේ මේ ග්‍රහලෝක දෙක අතර මෙතරම් සමීප සම්බන්ධතාවක් මීට පෙර දැකීමට නම් ඔබට වර්ෂ 1226 මාර්තු 4 වැනි දිනට යා යුතු වෙනවා.” පැට්‍රික් වැඩිදුරටත් සඳහන් කළේය. “ඔබ අහස ගැන, තරු ගැන උනන්දුවක් ඇති අයෙක් නම්, බ්‍රහස්පති සහ සෙනසුරු ගිම්හානයේ සිට එකිනෙකට සමීප වන බව ඔබ දැක ඇති. ඒවා වර්තමානයේදී පවා අපගේ රාත්‍රී අහසේ එකිනෙකට සමීපව දෘශ්‍යමාන වෙනවා. නමුත් දෙසැම්බර් 16 සිට 25 දක්වා කාලය තුළ ඒවා වඩාත් සමීප වෙනවා. මේ කාලය තුළ සෑම සන්ධ්‍යාවකම හිරු බැස යෑමෙන් පසු පැයක් පමණ බටහිර අහසේ බ්‍රහස්පති-සෙනසුරු ඉතා සමීපව සිටින අයුරු දැකගත හැකියි.”

A closer look at Jupiter and Saturn after 1226
A closer look at Jupiter and Saturn after 1226

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button