ක්‍රීඩා පුවත්

මැතිව්ස් ගෙන් ශතකයක්

ඇන්ජලෝ මැතිව්ස් සිය 11 වැනි ටෙස්ට් ශතකය රැස් කිරීමට මීට සුළු මොහොතකට පෙර සමත්විය.

ඒ, එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරඟයේ පළමු දිනයේදීය.

මෙම ශතකය 2015න් පසු මැතිව්ස් ශ්‍රී ලංකාවේදී රැස්කළ පළමු ටෙස්ට් ශතකය වන අතර ඔහු ගාල්ල ක්‍රීඩාංගණයේදී ලබාගත් පළමු ටෙස්ට් ශතකය ද වේ.

33 හැවිරිදි මැතිව්ස් ගේ 88 වැනි ටෙස්ට් තරඟය මෙය වේ. මේ වන විට ඔහු ටෙස්ට් ලකුණු 6,179ක් ලබා සිටී.

මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම, සිය පළමු ඉනිම සඳහා කඩුලු 4ක් දැවී ලකුණු 214ක් රැස් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button