කණ්ඩායමට එක්වන තවත් ක්‍රීඩකයින් දෙදෙනෙක් ගැන දිමුත් කියයි

බංග්ලාදේශයට එරෙහිව පැවැත්වීමට නියමිත ‍දෙවන ටෙස්ට් තරගයේදී ලක්ෂාන් සඳකැන් සහ චාමික කරුණාරත්න කණ්ඩායමට එක්වීමට නියමිත බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න පවසයි.පළමු ටෙස්ට් තරගය අවසන්වීමෙන් පසු විඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සඳහන් කළේය.

“මේ විකට්ටුවේ මට 50ක් නම් ඇත්තටම මදි. අපි දැක්කා බංග්ලාදේශ කණ්ඩායමේ හැමකෙනාම වගේ ලකුණු රැස් කරනවා. 50ක් ගහලා මේ විකට්ටුවේ සැනසීමකට පත්වෙන ක්‍රීඩකයෙක් නෙවෙයි මම. 50, 100 කරගන්න, 100, 150 කර ගන්න හිතුවේ. අවශ්‍ය වු‍ණේ පුළුවන් තරම් ලකුණු රැස් කරන්න. මොකද මේ වගේ කඩුල්ලක් ආයේ ලේසියෙන් ලැබෙන්නේ නැහැ. අවස්ථාව ලැබෙන හැම වෙලාවෙම හොඳින් ක්‍රීඩා කරන්න තමයි බලන්නේ. මම දන්නවා මම හොඳින් ක්‍රීඩා කළොත් කණ්ඩායමේ අනිත් ක්‍රීඩකයින් ඉතා හොඳින් ක්‍රීඩා කරනවා. නායකයෙක් විදියටත් පිතිකරුවෙක් විදියටත් කරන්න පුළුවන් හැමදේම කරන්න බලාපොරොත්තු වෙනවා. ලහිරු කුමාරත් අපිට නැති වෙනවා දෙවන ටේස්ට් තරගයට. කණ්ඩායමේ ස්ථාන කිහිපයක් වෙනස් වෙයි. ක්‍රීඩකයෝ දෙදෙනෙක් කණ්ඩායමට ඇතුළත් වෙනවා. කණ්ඩායමට එකතු වෙනවා ලක්ෂාන් සඳකැන් සහ චාමික කරුණාරත්න. තරගය ඉවර කරනකොට අපි හොඳ මානසික මට්ටමක හිටියා. ජයග්‍රහණ කරන්න පුළුවන් තැනකට අපි ඇවිල්ලා හිටියා. ඒ ගැන ගොඩක් සතුටු වෙනවා,” යනුවෙන් ද දිමුත් කරුණාරත්න පැවසීය.

Exit mobile version