ගොසිප් පුවත්
සහල් මෙට්‍රික් ටොන් 40,000ක් සහන මිලකට අළෙවි කිරීමට පියවර

වී අලෙවි මණ්ඩලය සතු සහල් මෙට්‍රික් ටොන් 40,000ක් අද (17) සිට සමුපකාර හරහා අලෙවි කිරීමට අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් K.D.S රුවන්චන්ද්‍ර මහතා තීරණය කර තිබෙනවා.
නාඩු, කැකුළු සහ සම්බා සහල් සමුපකාර අලෙවිසැල් හරහා අලෙවි කිරීමට පියවර ගෙන ඇති බවයි රුවන්චන්ද්‍ර මහතා ප්‍රකාශ කළේ.
ඒ අනුව දැනට පවතින උපරිම සිල්ලර මිලට වඩා අඩු මිලකට සහල් මහජනතාවට අලෙවි කෙරෙනු ඇති.
(colombotimes.lk)

The post සහල් මෙට්‍රික් ටොන් 40,000ක් සහන මිලකට අළෙවි කිරීමට පියවර appeared first on Colombo Times.