දේශීය පුවත්

වර්ල්ඩොමීටර්ස් වාර්තාව අනුව ලංකාවේ ඊයේ ආසාදිතයින් 3269

කොරෝනා ආසාදිතයින්ගේ වාර්තා ජාත්‍යන්තරයට එලිදක්වන ප්‍රමුඛ වර්ල්ඩොමීටර්ස් වෙබ් අඩවියට අනුව ඊයේ ලංකාවේ ආසාදිතයින් 3269 ක් වාර්තාවී ඇති අතර ලංකාව ලෝකයේ 27 වැනියා බවට පත්ව ඇත,

මෙම වෙබ් අඩවිය යාවත්කාල කිරීමේදී තොරතුරු ලබාගැනීමට නිල මූලාශ්‍ර පමණක් ලබාගන්නා බව එහි දක්වා ඇති අතර මේ දක්වා නිවැරදි තොරතුරු වාර්තා කර තිබුණි.
කෙසේ වෙතත් ඊයේ රාත්‍රී වනවිට ඊයේ දවස තුළ ආසාදිතයින් වාර්තාවූයේ 2269 ක් පමණක් බව ශ්‍රී ලංකාවේ මාධ්‍ය වෙත සෞඛ්‍ය අංශ දන්වා තිබීම නිසා පරස්පරතාවක් පවතී. වර්ල්ඩොමීටර්ස් වෙබ් අඩවියේ පෙරේදා දිනයේ ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 1429 ලෙසිනි.

මෙරට රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වාර්තා අනුව ඊයේ ආසාදිතයන් 2249ක් හා පෙරේදා දිනයේ ආසාදිතයන් 2386කි.

වර්ල්ඩොමීටර්ස් වාර්තාව අනුව ඊයේ ලංකාවේ වැඩිම ආසාදිතයින් වාර්තාවූ දිනයයි

WorldDometers report
WorldDometers report

 

Leave a Reply

Your email address will not be published.

Back to top button