“ක්ෂේත්‍රයේ ගොඩක් හොඳ නමක් හදාගන්න තමයි බලාපොරොත්තුව” – දිනූෂ දිසානායක

දෙරණ නාලිකාව මඟින් විකාශනය වුණු ලොකු කුඩා කොයි කවුරුත් හරිම ආදරයෙන් නරඹපු වගේම විශාල ප්‍රේක්ෂක ආදරයක් ආකර්ෂනයක් හිමිවුණු ටෙලි සිත්තමක්නේ, “පාවෙලා වළාකුලේ ඒවිද අම්මා” කියල කියන්නේ.

අන්න ඒකේ හරි අපූරුවට රංගනය දැක්වූ ඔහු තමයි, රටක් ආදරය කරන යොවුන් පරපුරේ ආදරණීය කඩවසම් තරුණයා ආදරණීය රංගන ශිල්පී දිනූෂ දිසානායක.

ඔන්න ඉතින් දිනූෂ කලාවට පිවිසෙන්නේ නම් ගායකයෙක් විදියට වනවා වගේම, ඉතින් දැන් නම් ඔහු අතිශය ජනප්‍රිය චරිතාංග නළුවකු වනවා.

නිබදවම ප්‍රේක්ෂක ආදරය හිමි කරගන්නට සමත් මේ අපූරු රංගන ශිල්පියා දිනූෂ දිසානායක හරිම අපූරු චරිතාංග නළුවකු බවට පත් වී හමාර ය.

ඔන්න ඉතින් “ලොක්කි වගේම ධරිණි” ටෙලි සිත්තම් එක්ක හරි හරියට කාර්ය බහුල වෙලා ඉන්න දිනූෂට ක්ෂේත්‍රයට පැමිණෙන්නට වරම් ලැබෙන්නේ “දෙරණ ඩ්‍රීම්ස්ටර්” හරහා වනවා වගේම 2018 වර්ෂයේ දී, “පාවෙලා වළාකුලේ ඒවිද අම්මා” ටෙලි සිත්තමෙන් තමයි දිනූෂ ටෙලි රංගනයෙන් අපිට මුල්ම වතාවට දැක බලාගන්නට පුලුවන් වෙන්නෙත්.

මේ වන තෙක්ම කිසිම අධ්‍යක්ෂවරයෙක් බැනුම් අහල නෑ කියන දිනූෂ “කලාවට ආධුනික මුල් කාලයේ දී නම් ඔහුට හිතාගන්න බැරි වුණාලු කොහොමද රඟපාන අභියෝගය භාරගන්නේ කියලත්, ඔහු මේ වන තෙන් එක දර්ශන තලයකට ෂොට් 2කට වඩා අරන් නෑ කියලත්,

තින් ඒ ගැන ඇත්තටම දිනූෂ සතුටු වෙනවා කියලත්, ඒ වගේම පාසල් කාලේ පවා නාට්‍යයක රඟපලාවත් නෑ කියලත්, ඒ නමුත් දැන් රංගනය කියන්නේ දිනූෂගේ ජීවිතේ වගේ” කියලත් දිනූෂ හරිම ආදරෙන් තමයි කියන්නේ.

බොහෝමයක් තරුණ කලාකරුවන්ගේ පවුල් ජීවිත අසාර්ථක වනවා. ඉතින් දිනූෂ නම් හරි අපූරුවට කියන්නේ, “ඔහු ඇක්ෂන් කට් අතරේ විතරක් රඟපාන්නට යනවා කියලත්,

හැබැයි ඉතින් සෙට් එකෙන් පිටදීත් රඟපන්න ගියෝතින් නම් බොහෝ වෙලාවට පවුල් ජීවිත අවුල් වෙන්න පුලුවන් කියලත්,

ඔහුට නම් එහෙම ප්‍රශ්නයක් උද්ගත වෙලා නෑ කියලත්, ආදරණීයව ජීවිතේ ගෙනියනවා කියලත්, ඉතින් ආදරණීය බිරිදත් ක්ෂේත්‍රෙය්ම ඉන්න නිසා ජීවිතේ අනිසි ගැටලු ප්‍රශ්න ඇති වෙන්නේ නෑ” කියලත් ය.

ඒ වගේම ඔන්න ඉතින් දිනූෂ කැමතියි ලු චිත්‍රපටිවලත් රංගන දායකත්වය ලබාදෙන්න. “ඒත් ඉතින් තවම නම් දිනූෂට ඒ අවස්ථාව ලැබිලා නෑ කියලත්, ඒ වුණත් “තෙළිඟු” ෆිල්ම් එක්ක රඟපාන්න නම් අවස්ථාව ලැබිලා තියෙන්නේ කියලත්,

ඉතින් ඒ ෆිල්ම් එකේ සහාය අධ්‍යක්ෂවරයා අපේ රටේ දමිළ කෙනෙක් කියලත්, ඔහු හරහා මේ අවස්ථාව ලැබුණා කියලත්, ඒත් ඉතින් හිතේ පුංචි තිගැස්මක් ඇති වුණේ ඒ ෆිල්ම් එකේ භාෂාවත් එක්ක කියලත්, කලෙත් එක්ක ඒකත් හරි ගියා” කියලත්, දිනූෂ කියනවා.

ඉතින් දිනූෂ දිසානායක මේ අපූරු ආදරණීය රංගන ශිල්පියා කියනවා, “අද ඔහු කලා ක්ෂේත්‍රයේ රැදිලා ඉන්න නම්, මුල්ම ගෞරවය දිනූෂගේ පවුලේ ආදරණීයයන්ට ආදරණීය මැණියන්ට පියාණන්ට බාල සහෝදරියට වගේම බාල සහෝදරයාටත් හිමි වෙන්න ඕනේ කියලත්,

ඉතින් ඊට පස්සේ දිනූෂගේ ජීවිතේ තවත් ලස්සන කරන්නට ඔහුගේ ආදරණීය බිරිද ජීවිතේට එනවා කියලත්, ඇගෙනුත් කලා ජීවිතේට ලොකූ සහයෝගයක් ලැබෙනවා කියලත්,

ඉතින් ඇයත් එක්ක එකතු වෙලා ජීවිතේ ලස්සනට ආදරණීයව ගෙනියනවා කියලත් වගේම, ලොකුම අසාව නම් ජීවිත කාලේටම ගීත ගායනා කරන එක කියලත්, ඒ වගේම රංගන ශිල්පියෙකු විදියට රංගන ක්ෂේත්‍රයේ මතක හිටින වැඩක් කරන්නටත් කැමැත්තෙන් ඉන්නවා” කියලයි.

Exit mobile version