ගොසිප් පුවත්

පොලිස් සුනඛයන් 25ක් මෙරටට

පුපුරණ ද්‍රව්‍ය නිශ්ක්‍රීය කිරීම ඇතුළු පොලීසියේ රාජකාරි සඳහා සුනඛ පැටවුන් ලබා ගැනීමේ අරමණින් උසස් වර්ගයේ බල්ලන් සහ බැල්ලියන් 25 දෙනෙකු විදේශයෙන් මිලදී ගැනීමට ටෙන්ඩර් පත් කැඳවා ඇතැයි පොලිස් මූලස්ථානය පවසනවා.

මෙම එක් සුනඛයෙකු ලක්ෂ දහයක් පමණ වන බවද සඳහන්.

පොලිස් නිල සුනඛ අංශයෙන් කෙරුණු ඉල්ලීමක් අනුව පොලිස් සැපයුම් සේවා කොට්ඨාසය විසින් මෙම පියවර ගෙන තිබෙනවා.

පොලිස් දෙපාර්තමේන්තුවට නිල සුනඛයන් සහ අශ්වයන් 2019 වර්ෂයෙන් පසු මිලදී ගෙන නොමැති බව වැඩිදුරටත් සඳහන්. (colombotimes.lk)

Viber

The post පොලිස් සුනඛයන් 25ක් මෙරටට appeared first on Colombo Times.

Back to top button