ක්‍රීඩා පුවත්

2021 IPL – තවත් ක්‍රීඩකයෙක් ට කොවිඩ්

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියට සහභාගී වන ඔස්ට්‍රේලියානු ක්‍රීඩක ඩැනියෙල් සෑම්ස් ට කොරෝනා වෛරසය වැළඳී ඇති බව වාර්තා වේ.ඔහු රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් (RCB) කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිතය.

ඔහු RCB කණ්ඩායම සමග අප්‍රේල් 03 වනදා එක්වී තිබුණි. එහිදී ලබාගත් PCR වාර්තාව අනුව ඔහු ආසාදිත නොවන බවට තහවුරු වී තිබූ අතර නමුත් කණ්ඩායම රැඳී සිටින හෝටලයේදී සිදුකළ දෙවැනි PCR පරීක්ෂණය අනුව ඔහු ආසාදිතයෙක් බව ට තහවුරු වී තිබේ.

ඒ අනුව, 2021 IPL තරඟාවලියට එක්වීමට නියමිත දෙව්දත් පදික්කාල්, අක්ෂා පටෙල් සහ නිතිෂ් රානා යන ක්‍රීඩකයින් කොවිඩ් ආසාදිතයින් ලෙස මේවන විටත් හඳුනාගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button