දේශීය පුවත්
2020 සඳහා විද්‍යා පීඨවලට ශික්ෂණලාභීන් ඇතුලත් කිරීමේ ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

2018 උසස් පෙළ ප්‍රතිඵල මත 2020 වර්ෂය සඳහා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ශික්ෂණලාභීන් ඇතුළත් කිරීමට අදාළ ගැසට් නිවේදනය අද ගැසට් පත්‍රයේ පළ කර තිබේ.
මේ සඳහා අයදුම් කිරීම ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ පමණක් සිදුකිරීමට නියමිතව ඇත.

ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වෙත පිවිස අදාළ අයදුම්පත් සම්පූර්ණ කළ යුතු වේ.
අයදුම්පත් යොමු කළ හැකි අවසන් දිනය ලබන 25 වනදා වන අතර දිවයින පුරා පිහිටි ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 19 ක, සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැවැත්වෙන පාඨමාලා 50 ක් සඳහා මෙවර සිසුන් 4253 ක් බඳවා ගැනීමට නියමිතය.