2016 න් පසු මුළු දිවයිනේම විදුලිය බිඳවැටේ

සමස්ත දිවයිනෙන් සියයට 75 කට පමණ මේ වනවිට විදුලිය සැපයුම ලබා දී ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් පවසනවා.
සෙසු ප්‍රදේශවලටද ඉතිරි පැය කිහිපය තුළදි සැපයුම ලබා දීමට හැකිවනු ඇති බව ඔහු සඳහන් කළේය.

2016 වසරෙන් පසු සමස්ත දිවයිනටම එකවර විදුලිය බිඳවැටුණු පළමු අවස්ථාව මෙය වේ.
මේ අතර රට පුරා විදුලි සැපයුම තව පැය එක හමාරකින් පමණ යථා තත්ත්වයට පත්කිරීමට හැකිවනු ඇතැයි විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පැවසීය.
දිවයිනේ ප්‍රදේශවලින් සියයට 60 කට පමණ පස්වරු 7.30 වන විට විදුලිය ලබාදීමට හැකි වූ බව ඇමතිවරයා කීවේය.
තමන් අමාත්‍යාංශයේ වැඩ භාරගෙන දින හතරක් පමණ ඇතුළත මෙම විදුලි බිඳවැටීම සිදුවූවත් එහි වගකීම භාරගන්නා බවත්, ජනතාවට සිදුවූ අපහසුතාව ගැන කණගාටුව පළකරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ අතර අද දිනය පුරා දිවයින තුළ විදුලිය විසන්ධි විම සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් සිදු කර සතියක කාලයක් තුළදි එම වාර්තාව තමා වෙත ලබාදෙන ලෙස විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම විසින් එම අමාත්‍යාංශ ලේකම්වරයාට නියෝග කර තිබේ.