දේශීය පුවත්

20 පරාද කරන්න සජිත් පිල ඒකමතිකව තීරණය කරයි

විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධත්වයත්, එය පරාජය කිරීමට කොන්දේසි විරහිතව කටයුතු කරන බවත්ටත් සමගි ජනබලවේගය තීන්දු කොට තිබේ.

අද (07) සමගි ජනබලවේගයේ මන්ත්‍රී කණ්ඩායම,විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු ශාලා අංක 2දී රැස්වූ අතර එහිදී අදාල තීන්දුව ඒකමතිකව ගනු ලැබීය.

මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ විසින් ඒ පිළිබඳව යෝජනාව ගෙන ආ අතර කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ එය ස්ථීර කරනු ලැබීය.

19 වන ව්‍යවස්ථා සංශෝධනයෙහි ඇති ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම වඩාත් ශක්තිමත් කිරීමත්,19+ දක්වා එය රැගෙන යාමත් සිය ස්ථාවරය බව සමගි ජනබලවේගය තීන්දු කොට තිබේ.

මේ අතර ’19න් ඉදිරියට’ තේමාව කොටගෙන ජනතා විරෝධතාවයක් හෙට (08) සවස 4ට ජපන් මිත්‍රත්ව මාවතේ අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ පිලිරුව අසලදී පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published.

Back to top button