දේශපාලන පුවත්

20 ගැන විමල්ගේ පක්ෂයෙන් අගමැතිට සැර ලිපියක්

A stern letter from Wimal's party to the Prime Minister about 20

යෝජිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් කරුණු සම්බන්ධයෙන් ගොඩනැගී ඇති මහජන විරෝධය නොසලකා කටයුතු කිරීම මගින් ආණ්ඩුවේ ජනවරමේ ආධ්‍යාත්මයට සහ ආණ්ඩුවේ ප්‍රතිරූපයට බලවත් අගතියක් සිදුවන බව ජාතික නිදහස් පෙරමුණ අවධාරණය කරනවා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත ලිපියක් යොමු කරමින් ඔවුන් මේ බව සඳහන් කරන්නේ.

යෝජිත 20 වන සංශෝධනයට අදාලව නීතිපතිවරයා විසින් රජයේ යෝජනා ලෙස අධිකරණයට ඉදිරිපත් කරන ලද සහ පාර්ලිමේන්තු විවාදයේ කාරක සභා අවස්ථාවේ දී සංශෝධනය කිරීමට නියමිත බවට සඳහන් කළ යෝජනාවලිය තුළ අමාත්‍ය විමල් වීරවංශ විසින් ඉදිරිපත් කළ සංශෝධන කිසිවක් අඩංගු නොවීම කණගාටුවට කරුණක් බවයි එම ලිපිය මගින් ජාතික නිදහස් පෙරමුණ පෙන්වා දෙන්නේ.

විමල් වීරවංශ විසින් අග්‍රාමාත්‍යවරයා වෙත ඉදිරිපත් කළ සහ නීතිපතිවරයාගේ යෝජනා තුළ අඩංගු නොවූ සංශෝධන අතුරින් ප්‍රධාන ත්‍රිත්වයක් ඉතා තීරණාත්මක හා වැදගත් බවද ඔවුන් පෙන්වා දෙනවා.

ආණ්ඩුව සමස්තයක් ලෙස එම දේශපාලන ස්ථාවරය නොසලකා කටයුතු කරන්නේ නම් එහි දේශපාලන වගකීම ජාතික නිදහස් පෙරමුණ භාර නොගන්නා බවත් ආණ්ඩුවට සහ රටට එරෙහිව පවතින සතුරු වටලෑම පිළිබඳව ගැඹුරු අවබෝධයකින් යුතුව 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදාළව ආණ්ඩුව ආරක්ෂා කිරීමේ දේශපාලන ස්ථාවරයක් ගනු ලබන බවත් අදාල ලිපියේ වැඩිදුරටත් දැක්වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button