දේශීය පුවත්

2/3 ජන වරම රටේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් යොදා ගැනීමට බැසිල් තීරණය කරයි

2020 මහමැතිවරණයේ දී ජනතාව දුන් තුනෙන් දෙකක බහුතර බලයක් සහිත දැවැන්ත ජන වරම මෙරට ආර්ථික සංවර්ධනය සඳහා යොදාගත යුතුව ඇතැයි ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.

ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති මාලාව ක්‍රියාත්මක කිරීම සඳහා දැවැන්ත ජන වරමක් ලබා දුන් ජනතාව මෙරට සංවර්ධනයේ පැහැදිලි වෙනසක් අපේක්ෂාවෙන් සිටින බවත්, එම වෙනස උදාකිරීම සඳහා සැලසුම් සේවයට අති විශාල කාර්ය භාරයක් පැවරී ඇති බවත් බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නා.

AV Rase

ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවා සංගමයේ නියෝජිතයින් සමඟ ඊයේ (15) අරලියගහ මන්දිරයේදී පැවැති සාකච්ඡාවකදීයි.

රජයේ වැඩපිළිවෙලට තම සංගමයේ දායකත්වය ලබා දීමට කැමැත්තෙන් පසුවන බව පෙන්වා දුන් ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවා සංගමය ඒ සඳහා ආයතනික ව්‍යුහය වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවය බැසිල් රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කළා.

සමස්ත රාජ්‍ය සේවය පිළිබඳවම අවධානය යොමුකර එම ව්‍යුහාත්මක හා පරිපාලනමය වෙනස්කම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අමාත්‍ය මණ්ඩලයේ අවධානයට යොමු කිරීමට අවශ්‍ය සම්බන්ධීකරණය සිදු කිරීමට කටයුතු කරන බවයි එහි දී බැසිල් රාජපක්ෂ මහතා දන්වා සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button