ගොසිප් පුවත්

ඊයේ සිදුවීම අතරතුර බන්ධනාගාර රැඳවියන් 151ක් අතුරුදහන් වෙයි

වටරැක බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ඊයේ සිදු වූ සිදුවීමට සහභාගී කරවා ගැනීමක් පිළිබඳව වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝව පිළිබඳව අද උදෑසන අප ඔබ වෙත තොරතුරු රැගෙන ආවා.

මෙම පිරිස පිළිබඳව නිවැරදි තොරතුරක් අප වෙත ලැබී තිබෙනවා.

මෙම වීඩියෝවේ සිටින ආකාරයේ බන්ධනාගාර රැඳවියන් 181 දෙනෙකු කොල්ලුපිටිය හා අවට වැඩ බිම් කිහිපයක සේවය කරමින් සිට තිබෙනවා.

  • රාජගිරිය ICONIC Galaxy වැඩබිමේ සිටි සිරකරුවන් – 105
  • බත්තරමුල්ල MAGA වැඩබිමේ සිටි සිරකරුවන් – 46
  • සයිලැක් තුඩාව වැඩබිමේ සිටි සිරකරුවන් – 30

එහිදී සයිලැක් තුඩාව වැඩබිමේ සිටි සිරකරුවන් 30 දෙනා නුගේගොඩ, ගම්සභා හන්දිය ප්‍රදේශයේදී හමු වී තිබෙනවා.

ඒ අනුව ඊයේ සිදුවීම අතරතුර මෙම වැඩබිම් තුළ සේවය කරමින් සිටි පුනරුත්ථාපනය වෙමින් සිටි බන්ධනාගාර රැඳවියන් 151 දෙනෙකු අද (10) දිනය වන විට අතුරුදන් වී තිබෙනවා.

වැඩබිමේ සේවය කරමින් සිටින අතරතුර ඔවුන් ඇඳ සිට ඇත්තේ මෙම වීඩියෝවේ දැක්වෙන ආකාරයේ ශ්‍රී ලංකා ලාංඡනය සහිත නිල් පැහැති බොටම් කලිසමක් සහ සුදු පැහැති ටී ෂර්ට් එකක්.

එමෙන්ම ඔවුන් සතුව අනන්‍යතාවය තහවුරු කිරීමට කිසිඳු ලියවිල්ලක් හෝ ජාතික හඳුනුපතක් ද නොමැති බවයි Colombo Times වෙත තොරතුරු ලබාදුන් ප්‍රකාශකයා පැවසුවේ.

මෙම පිරිස සොයාගැනීම සඳහා සහයෝගය ලබාදෙන ලෙස ජනතාවගෙන් ඔහු ඉල්ලා සිටියා.
(colombotimes.lk)

සබැඳි පුවත

Viber

The post ඊයේ සිදුවීම අතරතුර බන්ධනාගාර රැඳවියන් 151ක් අතුරුදහන් වෙයි appeared first on Colombo Times.

Back to top button