14 වසරක මෙහෙවර නිමකරමින් යෝෂිත නාවික හමුදාවෙන් සමුගනී.

සිය වසර 14ක නාවික හමුදා සේවය අවසන් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වේ.
මාස අටකට පෙර යෝෂිත රාජපක්ෂ මහතා නාවික හමුදාවෙන් සිදුකල ඉල්ලීම පිළිගනිමින් පසුගිය ඔක්තෝම්බර් මස 10 වනදා ආරක්ෂක අමාත්‍යංශය විසින් යෝෂිත රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීම පිළිගනු ලැබූ බවයි “ඩේලි මිරර්” පුවත් පත අද වාර්තා කලේ.

යෝෂිත රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානියා වශයෙන් පත්කිරීම සදහා පසුගිය ඔක්තෝම්බර් 12 වනදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්කල යෝජනාවට අනුමැතිය හිමිවීමෙන් පසුව පසුගිය 15 වනදා සිට ඔහු එම ධූරයේ වැඩභාරගෙන තිබේ.
“අග්‍රාමාත්‍යවරයා ඉල්ලීමක් කලා ඔහු වෙනුවෙන් වැඩ කරන්න කියලා. මම ඒ ඉල්ලීම පිළිඅරගෙන මගේ වෘත්තිය වෙනස් කලා.” යනුවෙන් යෝෂිත ප්‍රකාශ කර ඇත.
2006 වසරේදී ශ්‍රී ලංකා නාවික හමුදාවට එක්වූ යෝෂිත රාජපක්ෂ මහතා සම්මානනීය නිලධාරියෙකු වන අතර යුක්‍රේනයේ විශ්ව විද්‍යාලයකින් ආචාර්ය උපාධියක්ද ලබාගෙන තිබේ.