දේශීය පුවත්

පාසල් දරුවන් වෙනුවෙන් නව රූපවාහිනී නාලිකා 06ක්

පාසල් දරුවන් වෙනුවෙන් ඉදිරි සති දෙකේදී නව රූපවාහිනී චැනල් හයක් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා දුරස්ථ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේ ඊයේ (27 වැනිදා) පැවති මාධ්‍ය හමුවේදීයී.

කොවිඩ් වසංගත තත්ත්වය නිසා අධ්‍යාපනය අහිමිව සිටින එක, දෙක, පහ, දහය සහ එකොළහ යන ශ්‍රේණිවල දරුවන් වෙනුවෙන් එම චැනල් වෙන් කෙරෙන බවයි අමාත්‍යවරයා එහිදී පැවසුවේ.

Back to top button