දේශපාලන පුවත්
ළමයි පාසල්වලට දාන්න කියා ලියුම් මට දවස ගානේ ලැබෙනවා – ජී. එල්

තමා අමාත්‍යාංශය භාර ගෙන දින 12ක්වත් නොමැති බවත් දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමට විශාල ඉල්ලීමක් තිබෙන බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අද (28) පාර්ලිමේන්තුවේදී පැවසීය.
දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමට සෑම දිනකම ලිපි 50ක් පමණ තමාට ලැබෙන බවත් ඒ සඳහා යමක් සිදු කළ යුතු බවත් අමාත්‍යරයා සඳහන් කළේය.
රටේ දියුණු පාසල් සහ අනෙක් පාසල් අතර විෂමතාවක් තිබෙන බවත් ජාතික පාසල් සංවිධානය වී ඇති ආකාරය ගැන සිතා එම ආකෘතිය පිළිබඳ අලුතින් සිතා කළ යුතු සංශෝධන රාශියක් තිබෙන බවත් අමාත්‍යවරයා කියාසිටියේය.
මෙවර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතුරු සම්මත ගිණුමෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට රුපියල් බිලියන 70ක් වෙන් කර ඇත.