දේශීය පුවත්
හෝමාගම කර්මාන්තශාලාවක අනතුරකින් ඉන්දීය ජාතිකයෙකු ජීවිතක්ෂයට
Indian national killed in factory accident in Homagama

හෝමාගම කටුවාන පාර කර්මාන්තපුරයේ යකඩ ආශ්රිත නිෂ්පාදන කර්මාන්තශාලාවක් තුලදී සිදුවූ අනතුරකින් එහි සේවය කළ ඉන්දීය ජාතිකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අදාල කර්මාන්තශාවේ යකඩ පැටවූ ලොරියක් හදිසියේම තිරිංග අක්රියවී එක්වරම පසුපසට පැමිණ ඇති අතර එහිදී ඉන්දීය ජාතිකයා එම ලොරියට යටවී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
ඊයේ සිදුවූ මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ දිලිප් කුමාර් නැමති වයස අවුරුදු 40ක් පමණ වන ඉන්දීය ජාතිකයෙක්.
අනතුර සම්බන්ධයෙන් අදාල ලොරි රථයේ රියදුරු හෝමාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.