දේශීය පුවත්
හොරණ විහාරස්ථානයක් තුළම එහි හිමිවරුන් නිරෝධායනයට

හොරණ, කඳන්හේන පදිංචි කොරෝනා ආසාදිතයා පැමිණි බවට තොරතුරු හෙළිවූ හොරණ, කඳන්හේන ශ්‍රී නන්දාරාම විහාරස්ථානයේ භික්ෂූන් වහන්සේලා සියල්ලම එම විහාරස්ථානය තුළම ස්වයං නිරෝධායනයට ලක්කිරීමට මේ වනවිට කටයුතු කර තිබේ.
එසේම එම ආසාදිතයින් පැමිණි බවට සොයාගත් හොරණ නගරයේ වෙළඳසැල් දෙකක් වසාදැමීමටද සෞඛ්‍ය අංශ (07) පියවර ගෙන ඇති අතර, එසේ වසාදමා ඇත්තේ ලී බඩු වෙළඳ සැළක් සහ මූල්‍ය ආයතනයකි.