දේශීය පුවත්

හේමසිරි කියන්නේ බොරු – මෛත්‍රී හිටි හැටියේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියයි

Hemasiri is lying - Maithri suddenly says in a press release

පාස්කු ඉරිදා කොමිසම හමුවේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා දී ඇති ප්‍රකාශ පදනම් විරහිත බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මාධ්‍ය ඒකකය පවසනවා.

මාධ්‍ය නිවේදනයයි

AV Rase

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරනු ලබන ජනාධිපති කොමිශන් සභාවට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාගේ ප්‍රකාශය පිළිබඳ මාධ්‍යවල පලවු ප්‍රවෘතින් සම්බන්ධවයි

ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා පසුගිය දින වල පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරනු ලබන ජනාධිපති කොමිශන් සභාවේදී හිටපු ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් කරනු ලැබු ප්‍රකාශ පිළිබඳව මාධ්‍ය ආයතන මගින් විශාල ප්‍රචාරනයක් ලබා දී තිබුණි.

ඉහත කොමිසමේදී හේමසිරි ප්‍රනාන්දු මහතා විසින් හිටපු ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් කල බවට මාධ්‍ය මගින් ප්‍රකාශ වු කරුණු සම්පුර්ණයෙන්ම අසත්‍ය, ද්වේශසහගත කරුණු වන අතර මාධ්‍ය හරහා ප්‍රකාශ වු එම කරුණු හිටපු ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා තරයේ ප්‍රතික්ෂේප කරන අතර එම ප්‍රකාශ සම්පුර්ණයෙන් අසත්‍ය බවට මහජනතාව වෙත මෙයින් කාරුණිකව දන්වා සිටිමි.

යම් ලෙසක ඉදිරි දිනකදි හිටපු ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා හට කොමිසම හමුවට පැමිණිමට අවස්ථාවක් ලැබුනහොත් අදාල සියළු ප්‍රකාශ සම්බන්ධව සත්‍ය වු කරුණු පැහැදිලි කිරීමට බලාපොරොත්තුවෙන් සිටිති.

හිටපු ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් සමිර ද සිල්වා ලෙස මා මෙසේ මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කොට කියා සිටිමි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button