දේශීය පුවත්

හෙට සිට කැලණිය සරසවිය වසා දැමීමට තීරණය කරයි

Kelaniya University to be closed from tomorrow

කැලණිය විශ්ව විද්‍යාලය හෙට (05) සිට වසා දැමීමට තීරණය කර තිබෙනවා.

විශ්ව විද්‍යාල පාලනධිකාරිය සඳහන් කළේ නේවාසිකාගාර ගතව සිටින සිසුන්ට හැකි ඉක්මණින් ඉන් ඉවත්ව යන ලෙසට දැනුම් දී තිබෙනවා.

AV Rase

දිවුලපිටිය ප්‍රදේශයෙන් කොරෝනා වෛරසය ආසාදිත කාන්තාවක හදුනාගැනිමත් සමග සෞඛ්‍යාරක්ෂිත පියවරක් ලෙස මෙම තිරණය ගත් බවයි කැළණිය විශ්ව විද්‍යාලයේ සන්නිවේදන ඒකකය පවසන්නේ.

කැළණිය විශ්ව විද්‍යාලයට අනුබද්ධ ආයතනයක් වන වික්‍රමආරච්චි ආයුර්වේද වෛද්‍ය ආයතනයද දින නියමයක් නොමැතිව වසා දැමීමට තීරණය කර තිබෙනවා.

මේ අතර නැවත දැනුම් දෙන තුරු මහර හා මීගමුව බන්ධනාගාර වල රැදවියන් බැලිමට බාහිර පුද්ගලයන්ට අවසර දිමද වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button