දේශීය පුවත්

හෙට බස්නාහිර පළාතේ පොලිස් ඇඳිරි නීතිය ඉවත් වන හැටි මෙන්න

දැනට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය හෙට(09) අලුයම පහට අනිවාර්යයෙන්ම ඉවත්වන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.

 

AV Rase

පසුගිය 29 වනදා බස්නාහිර පළාතටම නිරෝධායන ඇඳිරි නීතිය පනවනු ලැබූ අතර, ඊට පෙර ගම්පහ දිස්ත්‍රික්කයටම මෙන්ම තවත් පොලිස් බල ප්‍රදේශ ගණනාවකට ඇඳිරි නීතිය පනවනු ලැබුවා.

 

බස්නාහිර පළාතට පනවනු ලැබූ  නිරෝධායන ඇඳිරි නීතිය පසුගිය දෙවනදා අලුයම පහෙන් ඉවත් කිරීමට නියමිතව තිබුණද එය, හෙට(09) අලුයම පහ දක්වා පසුව දීර්ඝ කළා.

 

මේ අතර හෙට(09) අලුයම පහට දැනට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කළද, රෝගීන් වාර්තාවන ඇතැම් ප්‍රදේශ තවදුරටත් හුදකලා කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.

 

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ මට්ටක්කුලිය, මෝදර, බ්ලූමැන්ඩල්, කොටහේන, ග්‍රෑන්ඩ්පාස්, වෙරළබඩ, ආදුරුප්පු වීථිය, මාළිගාවත්ත, දෙමටගොඩ, වැල්ලම්පිටිය, බොරැල්ල සහ කෙසෙල්වත්ත යන පොලිස් වසම් තවදුරටත් හුදකලා කෙරෙන බව යුද හමුදාපතිවරයා සඳහන් කළා.

 

එමෙන්ම මෙත්සඳ සෙවණ, මිහිජය සෙවණ, රන්මුතු සෙවණ, මුවදොර උයන සහ සිරිසරඋයන, එන්.එච්.එස්. නිවාස සංකීර්ණයද හුදකලා කරන බවයි ඔහු කියා සිටියේ.

 

ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල, පෑලියගොඩ, කඩවත, රාගම, මීගමුව, පමුණුගම, ජාඇළ, සපුගස්කන්ද, කළුතර දිස්ත්‍රික්කයේ හොරණ සහ ඉංගිරිය යන පොලිස් වසම් මෙන්ම වෑකඩ – බටහිර ග්‍රාම නිලධාරී කොට්ඨාශයද තවදුරටත් හුදකලා කරන බවද යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළා.

 

එමෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුරුණෑගල මහා නගර සභා සීමාව මෙන්ම කුලියාපිටිය පොලිස් වසමද තවදුරටත් හුදකලාවනු ඇති.

 

ඊට අමතරව කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල සහ රුවන්වැල්ල පොලිස් බල ප්‍රදේශ හුදකලා කරන බවයි යුද හමුදාපතිවරයා කියා සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button