හෙට දහවල් 12 තෙක් ධීවර කටයුතුවල නොයෙදෙන ලෙස එක්දින සහ කුඩා ධීවරයන්ට දැනුම්දීමක්

අද දිනයේදී දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 150ට වැඩි තද වර්ෂාපතනයක් අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
දිවයින හරහා විටින්විට හමන පැයට කිලෝමීටර 50 ත් 60 ත් දක්වා තරමක තද සුළං අපේක්ෂා කරන බවයි කාළගුණ නිවේදනයේ දැක්වෙන්නේ.
කෙසේ පවතින වැසි තත්වයේ අඩුවීමක් හෙට දිනයේදී අපේක්ෂා කරන බවයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කෙළ්.
මේ අතර හෙට (07) දහවල් 12 වනතෙක් දිවයින වටා මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතු සඳහා පිටත්වීමෙන් වළකින ලෙස එක්දින හා කුඩා යාත්‍රා ධීවරයන්ට ධීවර දෙපාර්තමේන්තුව අනතුරු අගවනවා.
අවදානම් කාළගුණ තත්වයක් පවතින බැවින් දැනටමත් ධීවර කටයුතු සඳහා පිටත්වගොස් ඇති එක්දින හා කුඩා ධීවර යාත්‍රා වහා ගොඩබිමට පැමිණෙන ලෙසයි ධීවර දෙපාර්තමේන්තුවේ සෝදිසි මෙහෙයුම් අංශය ධීවරයන්ගෙන් ඉල්ලා සිටිනවා.
කාළගුණ නිවේදනයට අනුව මුහුදේ සුළං වේගය පැයට කිලෝමීටර් 100 ක් පමණ දක්වා ඉහළ යාමේ අවධානමක් පවතිනවා.