දේශපාලන පුවත්
හිටපු පොලිස්පති පූජිතගේ ප්‍රකාශය අහන්න මෛත්‍රී පාස්කු කොමිසමට එයි
Maithri arrives at Easter Commission to hear former IGP Poojitha's statement

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවට පැමිණ තිබෙනවා.
සිය නීතීඥවරයාද සමග හිටපු ජනාධිපතිවරයා කොමිසම වෙත පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

කොමිසම හමුවේ පසුගිය දිනවලදී ලබාදුන් සාක්ෂිවලදී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නමද සඳහන්වී තිබුණා.
ඒ අනුව කොමිසම හමුවේ ලබාදෙන සාක්ෂිවලට සවන්දීම සඳහායි හිටපු ජනාධිපතිවරයා මෙලෙස පාස්කු කොමිසම හමුවට පැමිණ ඇත්තේ.