ක්‍රීඩා පුවත්

හිටපු ඕස්ට්ලියානු ක්‍රිකට් ක්‍රීඩක ඩීන් ජෝන්ස් මියයයි

Former Australian cricketer Dean Jones dies

හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ඩීන් ජෝන්ස් ඉන්දියාවේ මුම්බායි හිදී හෘදයාබාධායක් හේතුවෙන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඔහු 59 හැවිරිදී වියේ පසුවුණා.

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 52 ක් සහ එක්දින තරග 164 ක් ක්‍රීඩා කර ඇති ඔහු ටෙස්ට් ශතක 11 ක් සහ අර්ධ ශතක 14 ක් සමගින් ලකුණු 3631 ක් රැස් කිරීමට සමත්ව තිබුණා.

ඩීන් ජෝන්ස් එක්දින තරග වලදී ශතක 7 ක් සහ අර්ධ ශතක 46 ක් සමගින් ලකුණු 6068 ක් වාර්තා කිරීමට සමත්ව තිබෙනවා.

ඩීන් ජෝන්ස් මියයන විට අයි පී එල් තරගාවලියේ විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කරමින් සිටියා.

Leave a Reply

Your email address will not be published.

Back to top button