දේශපාලන පුවත්

හිටපු ඇමතිවරියකගේ සහෝදරයෙකුගේ වාහනයක ගැටී අයෙක් මරුට

යාපනය, නල්ලුර් ප්‍රදේශයේ දී සුඛෝපභෝගී මෝටර් රථයක් හා යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

යාපනය පොලීසිය සඳහන් කළේ එම පුද්ගලයා දරුණු තුවාල ලබා රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මෙලෙස මියගොස් ඇති බවයි.

මියගිය පුද්ගලයා තිරුනෙල්වේලි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 62ක් වූ සින්නදුරෙයි කුගේන්ද්‍රයන් නමැති අයෙකි.

අනතුර සිදුවූ සුඛෝපභෝගී රථය හිටපු අමාත්‍ය විජයකලා මහේශ්වරන්ගේ සහෝදරයෙකුට අයත් එකක් බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

අනතුර සම්බන්ධයෙන් යාපනය පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button