දේශීය පුවත්

හලාවතින් හමුවූ කොරෝනා ආසාධිත කාන්තාව ඇසුරු කළ පිරිස් PCR පරික්ෂාවට යොමු කෙරේ

ඩුබායි සිට පැමිණ නිරෝධායන කටයුතු අවසන් කර නිවසට පැමිණ සිටියදී කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනාගත් බංගදෙණිය ප‍්‍රදේශයේ කාන්තාව ඇසුරු කළ පුද්ගලයින් PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට පියවර ගන්නා බව පුත්තලම දිස්ති‍්‍රක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දිනූෂා ප‍්‍රනාන්දු පැවසුවේය.

පුත්තලම දිස්ති‍්‍රක්කයේ අහඹු ලෙස සිදු කෙරෙන PCR පරීක්ෂණ වැඩි කිරීමට ද කටයුතු යොදා ඇති බව වාර්තා වේ.

AV Rase

හලාවත රෝහලේදී මෙම කාන්තාවට සිදුකළ PCR පරීක්ෂණයකදී ඇයට වෛරසය ආසාදනය වී ඇති බවට හෙළිවී ඇත.

අදාළ රෝගියා සම්බන්ධයෙන් මේ වන විට හඳුනාගෙන ඇති ආශ්‍රිතයින් 15 දෙනාගේම PCR පරීක්ෂණ කටයුතු සඳහා යොමු කර තිබේ.

මේ අතර අද (28) දවසේ කල්පිටිය, පුත්තලම, ආරච්චිකට්ටුව, හලාවත ආදී ප්‍රදේශවල PCR පරීක්ෂණ වැඩි ප්‍රමාණයක් සිදු කරන්නට නියමිතව ඇත.

අගෝස්තු මස 15 වැනිදා හදුනාගත් රෝගියා බංගදෙනිය ප්‍රදේශය වෙත පැමිණ තිබූ අතර අගෝස්තු 16 වැනිදා ප්‍රදේශය භාර PHI නිලධාරියා ඇය ගැන සොයා බැලීමට ගොස් ඇති අතර අදාළ රෝගියා රෝග ලක්ෂණ මතු වීම නිසා නිවසෙන් පිටතට පැමිණ ඇත්තේ ප්‍රතිකාර ලබා ගැනීමේ අදහසින් බව මේ වන විට අනාවරණය වී තිබේ.

කෙසේ වෙතත් ඇය ඩුබායි සිට පැමිණි පසු පුද්ගලයින් 05 දෙනෙකු පමණ ඇයගේ නිවසට පැමිණ තිබු අතර එම පිරිස ද මේ වන විට හඳුනාගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button